Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාර්යාල දුම්රිය කිහිපයක් ධාවන කෙරේ - සාමාන්‍යාධිකාරීගෙන් පොලිසියට පැමිණිල්ලක්

දුම්රිය වර්ජනයක් පැවතියද අද(28) උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට එක් කළ බව නියෝජ්‍ය දුම්රිය සාමානාධිකාරි වී එස් පොල්වත්තගේ මහතා පැවසීය.
 
ඔහු ප්‍රකාශ කළේ මහනුවර, රඹුක්කන, මහව, හලාවත,ගාල්ල, මාතර සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට අද උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරුණු බවය.
 
මේ අතර අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරුණූ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබඳ පොලීසියට පැමිණිලි කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
 
ඒ අනුව හදිසි නීති රෙගුලාසි කඩ කිරිමේ චෝදනාවට වර්ජනයේ නිරත සේවකයින්ට එරෙහිව අධිකරණය මගින් අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා බව එහි අරමුණ බවද හෙතෙම පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();