Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සේවයේ යලි පිහිටුවන්න : අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති ජනපතිට එරෙහිව නඩුවක් ගොනු කරයි

තමන්ව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වළකාලමින්  ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා  පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා  අද ( 29)  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.

නීතීඥ  දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු  කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපති , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න,   ව්‍යවස්ථාදායක සභාවේ සභාපති සහ කතානායක වන කරූ ජයසූරිය ,එහි සාමාජිකයින් වන අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,ආර් .සම්බන්ධන් , ජාවේඩ් යූසුෆ්, එන් සෙල්වකුමරන්,බිමල් රත්නායක, සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

තමා පොලිස්පති ධූරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා ඉකුත්දා කළ නියෝගයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී  ඇති බව ද පෙත්සම්කාර පොලිස්පතිවරයා සිය පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සම්කරු සිය පෙත්සමින්  වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා තමන් ඉකුත්දා අනිවාර්ය නිවාඩු යවමින් කළ නියෝගය අත්හිටුවන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වන තුරු තමා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();