Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එයාගෙන් මට තහංචි නෑ - තාරුකා වන්නිආරච්චි

විවාහ උත්සවය මේ වසරේදීම ගන්නවා

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය මාලාවේ මහාමායා බිසවගේ චරිතය රඟපෑ තාරුකා වන්නිආරච්චි මේ දිනවල ටෙලි තිරය හැඩ කරන්නේ බ්ලැක්මේල් නාට්‍යයේ ‘වර්ෂා’ ලෙසය. මේ විදියට හමුවන තාරුකා පසුගියදා විවාහ ගිවිස ගත්තාය. ඇය මේ විවාහ ගිවිස ගැනීම හදිසියේම කළේ ඇයි? ඇයගේ ජීවන සහකරුවා කවුද? මේ තාරුකා ඒ ගැන සහ ඇයගේ ජීවිතයේ තවත් විස්තර කී ආකාරයයි.

තාරුකා හදිසියේම විවාහ ගිවිස ගත්තෙ?

හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි. මෑතකදී සහභාගි වූ රූපවාහිනි වැඩසටහන්වලදීත් මම මේ ගැන කිව්වා. ඒත් විවාහ ගිවිස ගැනීම විතරක් නිසා වැඩි ප‍‍්‍රසිද්ධියක් කළේ නැහැ. විවාහ උත්සවය මේ වසරේදීම ගන්නවා. දැන් ටිකෙන් ටික ඒකට සූදානම් වෙනවා.

සැමියා ගැන විස්තර කිව්වොත්?

එයාගෙ නම ජනක. ව්‍යාපාර ක්‍ෂේත‍‍්‍රයේ කටයුතු කරන්නෙ.

කොහොමද ඒ හමුව ඇතිවුණේ?

අවුරුදු දෙක තුනකට විතර පෙරදි විදෙස් සංචාරයක් ගිහින් සිටියදී මුලින්ම හඳූනා ගත්තෙ. මම රංගන ශිල්පිනියක් කියලා එදා එයා දැනගෙන ඉඳලා නැහැ. ඒ හමුව තමයි පසුව විවාහවීම දක්වා දුරදිග ගියේ.

යෝජනාව ගෙනාවෙ එයාද?

ඔව්.

ඇයි තාරුකාට එයා ගැන හිත ගියේ?

කතාවට කියනවනෙ හිත ගිය තැන මාළිගාව කියලා. මම හිතන්නෙ පතාගෙන ආපු විදියට වෙච්ච දෙයක් වෙන්න ඇති. සමහරවිට දෛවයේ ලියැවිලා තියෙන්නත් ඇති.

විවාහ ගිවිස ගැනීමත් එක්ක තාරුකා රංගනයට මොකද වෙන්නෙ?

සුපුරුදු විදියට රංගන කටයුතු සිදු වෙනවා. ඒවාට තහංචි දාලා නැහැ. මගේ කලා ලෝකයේ වැඩ ටික ඒ විදියටම කරගෙන යනවා.

මේ ආදරය ගැන ගෙවල්වල අය මොනවද කිව්වෙ?



අපේ ගෙදරින් එක පාරටම මට කැමැත්ත දුන්නෙ නැහැ. අපි කතාබහ කරලා තීරණයක් ගත්තාට පස්සෙ එයාගෙ සරලකම සහ නිහතමානීකම ගැන අපේ ගෙදර ඔක්කෝමලා කතා වුණා. මොන දේ තිබුණත් මනුස්සකම සහ සරලකම නැත්නම් වැඩක් නැහැ. එයා ළඟ සරලකම වගේම මනුස්සකම උපරිමයෙන් තියෙනවා. හොඳ මනුස්සයෙක්.

තාරුකා ආදරය ගැන හිතන්නෙ කොහොමද?

කෙටියෙන්ම කිව්වොත් දෙදෙනා අතර වූ විශ්වාසයේ බැ£මයි. ඒ විශ්වාසය ඇති කරගන්නෙ කොහොමද කියන අවබෝධය තිබෙන්න ඕනෑ. ඒ වගේම දෙදෙනාට දෙදෙනා අතර ඇති බැ£ම දැනෙන්නට ඕනෑ.

ජනකට ඔබ කෙරෙහි හිත ගිහින් තියෙන්නෙ ඇයි?

ඒ ගැන මම ඇහුවෙ නැහැ. එයා කිව්වෙත් නැහැ. කෙනෙකුට හිත යන්න කැමැත්තක් තියෙන්න එපායැ. ඒ වගේම හැමෝගෙම මනසේ තියෙනවනෙ තමුන් කැමැති රූපයක් මැවිලා. ඉතින් එයාගේ මනසේ ඇඳිලා තිබුණු රූපය මම වෙන්න ඇති.

‘විවාහය’ යනු මොන වගේ දෙයක් කියලද හිතන්නෙ?

සමහර විට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වෙන්න පුළුවනි. අපි ගන්න පුංචි තීරණ පවා හරියට හිතලා බලලා ගන්න ඕනෑ. විවාහය සුන්දර වන්නෙ අපි ගන්නා තීරණ තීන්දු අනුවයි. ඒ වගේම පොළවේ පය ගහලා ජීවත්වන සහකරුවෙක් එක්ක ජීවත්වෙන්න හරිම ලෙහෙසියි. එතකොට ප‍‍්‍රශ්නත් අඩුයි.

අද දෙන්නෙක් වීම ගැන දැනෙන්නෙ කොහොමද?

ලොකු වෙනසක් නැහැ. එයා මට තහංචි දාලා නැහැ. සුපුරුදු සැහැල්ලූවෙන් මම මගේ වැඩ ටික කරගෙන යනවා. හැබැයි දැන් එයා නිසා මගේ වැඩ පහසු වෙලා.


කොහොමද ගෙදර කටයුතු?


තවම ඉතින් කැන්දාගෙන ගියේ නැහැනෙ. හොඳ ගෘහ‚යක්, හොඳ බිරිඳක්වීම තමයි මගේ අරමුණ. අපේ ගෙදර ආවාම මම රසට උයලා එයාට කෑම දෙනවා. ජනක නම් කියන්නෙ මම උයන කෑම රසයි කියලා. කොහොමටත් අලූත් අලූත් විදියට කෑම ජාති හදන්න මම ආසයි. හැබැයි අපේ අම්මාට තරම් මට තවම රසට උයන්න බැහැ.

මේ දිනවල කලා කටයුතු කොහොමද?

බ්ලැක්මේල් සහ මහේෂිකා ටෙලි නාට්‍ය දෙකේ වැඩ කරනවා.

මේ දක්වා කොපමණ නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවද?

‘සුබා’ නාට්‍යයෙන් පටන් ගත්තෙ. මේ දක්වා නිර්මාණ 70කට විතර දායක වෙලා තියෙනවා.

තාරුකා මොනවගේ කෙනෙක්ද?

කෙටියෙන්ම කිව්වොත් හරිම සරල කෙනෙක්. සැහැල්ලූවෙන් ජීවත්වෙන්න උත්සාහ ගන්න කෙනෙක්.

විවාහයෙන් පසුව රඟපෑම ගැන හිතන්නෙ කොහොමද?

පුද්ගලික ජීවිතයයි කලා ජීවිතයයි සමබරව කරගෙන යාම මගේ අරමුණයි. කලාවෙන් ඈත් වෙන්නෙ නම් නැහැ. මට මේ සෑම දෙයක්ම ලැබුණෙ කලාව නිසයි. ගෙදරින්වත් සැමියාගෙන්වත් කලාවෙන් ඉවත්වෙන්න කියලා තහංචි නැහැ. කලාව නිසා ලැබුණු ගෞරවය ගැන හැමෝටම අවබෝධයක් තිබෙන්නෙ.

සැමියාගෙ පවුලේ අය මොන වගේද?

කාගෙවත් පුද්ගලිකත්වයට අත දාන අය නෙවෙයි. හරිම සරලව ජීවත්වන හොඳ කාරුණික පවුලක්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();