Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තලාව බැංකු කොල්ලයේ සැකකරුවන් 03ක් අත්අඩංගුවට

තලාව ලංකා බැංකුවේ සේප්පුවල තිබූ රුපියල් දහසය කෝටි විසිපන් ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුක්ත මුදල් හා රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 
 
මෙම කොල්ල කෑම සිදුව තිබුනේ 2018.06. 29 දිනත් 2018.07.02 දිනත් අතර කාලය තුළ දී ය. එම සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත විමර්ශන කණ්ඩායමක් පත් කර තිබුනි.
 
මේ අතර ගංජා තොගයක් සමඟ සැකකරුවන් 06දෙනෙක් මේ වසරේ ජනවාරි මාසයේ දී කිරලෝගම ප්‍රදේශයේ දී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී එප්පාවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනි. 
 
මේ අතර තලාව බැංකු සොරකමට අදාළව දුරකථන විශ්ලේෂන අනුව හා ලැබුනු තොරතුරු අනුව සිදු කළ විමර්ශනවලදී ඉහල සැකකරුවන් 06දෙනා අතරින් සැකකරුවන් තිදෙනෙක් තලාව බැංකුවේ මුදල් හා රන් ආභරණ කොල්ලයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. 
 
අදාළ සැකකරුවන් තිදෙනා අද(29) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
 
සොරකම් කරන ලද මුදල් වලින් හා රන් භාණ්ඩ විකිණීමෙන් මිලට ගත් බවට සැකකෙරන සු‍ඛෝපභෝගී නවීනතම කැබ් රථයක්,  තවත් නවීන මොටර්රථයකුත්, මීට පෙර එප්පාවල පොලිසිය විසින් සොයාගෙන තිබූ අතර එම වාහන දෙකත් සමඟ සැකකරුවන් අපරාධය සිදුකිරීමට පැමිණි බවට සැකකරන වෑන් රථයකුත් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. 
 
තවද එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු පැලද සිටි ලක්ෂෂ 17ක් පමණ වටිනා පවුම් 35ක් පමණ බරැති රන් ආභරණ ද පොලිස් භාරයට ගෙන ඇත. මේවා ද සොරකම් කරන ලද මුදල්වලින් මිලට ගත් ඒවා බවට සැකකෙරේ. 
 
උතුරුමැද පළාත හා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ මේ සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරනු ලැබේ.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();