Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඒබ්‍රහම් සුමන්තිරන්ට කුණුහරුප දෙකක් කතා කරන්න මේ පාලකයන්ට අද බැරි වෙලා… – නලීන් ද සිල්වා (Video)

රටේ තිබෙන එකම ප්‍රශ්නය සිංහල බෞද්ධයාට හිමි තැන අහිමි කිරීමේ ප්‍රශ්නය වුවත් නැති ප්‍රශ්නයක් ගැන කතා කිරීමට සිදු වී තිබෙනවා යැයි මහාචාර්ය නලින්ද සිල්වා ප්‍රකාශ කළේය.

ඔහු එම ප්‍රකාශය කළේ පසු ගිය (24) පස්වරුවේ ජාතික සමතා බලවේගය විසින් කැදවා තිබූ ජාතික නියෝජිත සමුළුව අමතමිනි.

එහිදී මහාචාර්ය නලින් ද සිල්වා මහතා මෙසේද පැවැසීය.

ඒබ්‍රහම් සුමන්තිරම් රූපවාහිනිවලට ඇවිල්ල කතා කරන විට හොදාකාරවම පේනවා නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒ නිසා මේක වාර්තාවක් පමණක් කියලා තවදුරටත් රවටන්නත් බැහැ. 2015දී බටහිර සහ ඉන්දියාව මේ ආණ්ඩුව පත් කළෙත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටයි.
මේ අවුරුදු 4 තුළ තවම ව්‍යවස්ථාවක් හැදුවෙ නැහැ කියල අගමැතිතුමා කියනවා. ඒත් අවුරුදු 4ක් තිස්සෙ ව්‍යවස්ථාවක් හදන්න බැරි නම් මොවුන් තරම් අදක්ෂයො ටිකක් නැහැ.

නමුත් හදපු ව්‍යවස්ථාවට ව්‍යස්ථාව කියල කියාගන්න බැරිවයි මොවුන් ඉන්නෙ. ව්‍යවස්ථාව හදන්නෙ දමිළ ජනතාවට විශාල ප්‍රශ්නයක් තියෙන නිසාලු. අපි දැන් අවුරුදු විසිපහක් තිහක් තිස්සේම අහනවා දමිළ ජනයාට දමිළ නිසා සිදු වී ඇති ප්‍රශ්නය කුමක්ද කියලා. ඒකට කවුරුවත් උත්තර දෙන්නෙ නැහැ. ඒත් සමහර ප¾ඩියො කියනවා දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්නය සිංහලයන්ට තේරෙන්නෙ නැහැ කියලා. ඒක ලේසියෙන් කියන්නත් බැරිලු. එහෙනම් කොහොමද ප්‍රශ්නයක් විසඳන්න හදන්නෙ.

මේක බටහිරයන් දමපු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයෙ ආරම්භය 1833 අවුරුද්ද. හුඟ දෙනෙක් කියනවා 1956න් පස්සේ මේ ප්‍රශ්නය ඇති වුණා කියලා. ෆෙඩරල් පක්ෂය නැත්නම් ඉලංගෙයි තමිල් අරසු හැදුවෙ 1949 දී. ඊටත් ඉස්සෙල්ලත් මේ ප්‍රශ්නය තිබුණා. 1947 පළමු පාර්ලිමේන්තුව විවෘත කරන වෙලාවේ දී නාගනාදන් මන්ත්‍රිවරයා කියනව සිංහලයන්ට දැන් නිදහස තිබෙනවා. දමිළ ජනයාට තමයි නිදහස නැත්තෙ. දැන් දමිළ ජනයාට සිදු වෙලා තියෙනවා දෙමළ ජනයාගෙන් නිදහස ගන්න.

ඊටත් ඉස්සර 1931 අවුරුද්දෙ ජී.ජී. පොන්නම්බලම් සම තැන ඉල්ලා සිටියා. 50ට 50 කියන්නෙ සිංහලයාට 50යි. සිංහල නොවන්නන්ට 50යි නෙවෙයි. සිංහල නොවන්නන්ට 50යි. ඉතුරු ටික සිංහල, දමිළ ඔක්කොම බෙදා ගන්න ඕන කියලා.

ඊටත් ඉස්සර විසි ගණන්වල පොන්නම්බලම් අරුණාචලම් හින්දු මහා සභාව පිහිටෙව්වා. ඒක තමයි මෑත කාලයේ ඇති වෙච්ච පළමු ජාතිවාදී සංවිධානය. ව්‍යවස්ථාදායක සභාවේ ආසන සංඛ්‍යාවක් සිංහලයන්ට සමානව සිංහලයන් නොවන අයටත් තියෙන්න ඕන කියලා. ඊටත් ඉස්සෙල්ල 1833 කාලයේ සියයට හැත්තෑවක් විතර වූ සිංහලයන්ටත් ව්‍යවස්ථාදායකයේ එක නියෝජිතයයි. දෙමළ අයට එක්කෙනයි. බර්ගර් අයට එක්කෙනෙයි. දැන් කෝ ප්‍රජාතන්ත්‍රවාදය?

සිංහල අයගෙ ඉතිහාසය අවුරුදු 2500යි. දමිළ අයගෙ 350යි. යාපනයේ තෝම්බු බැලුවම දමිළ අයගෙ ඉතිහාසය පේනවා. මුස්ලිම් අයට නියෝජනයක් තිබුණෙ නැහැ.

මේ රටේ සංස්කෘතිය ගොඩනඟපු මිනිස්සුන්ට තිබෙන තත්ත්වය නැති කිරීම තමයි 1833 ඉඳලමත් අද නව ව්‍යවස්ථාවෙනුත් සිදු වෙන්නෙ. වෙන මොකුත් නෙවෙයි. මේක තමයි තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නෙ.

මම නම් කියන්නෙ 1833 ඉඳල එන දමිළ ජාතිවාදය කියන ප්‍රශ්නය 2009දී නන්දිකඩාල්වලදී විසඳුවා. ප්‍රභාකරන් කියන්නෙ හදිස්සියේ ප්‍රාදුර්භූත වූ මනුෂ්‍යයෙක් නෙවෙයි. නන්දිකඩාල්වලින් දමිළ ජාතිවාදය පරාජය කළාට පසුව කිසිම දෙයක් කතා කරන්න ඕන නෑහැ. මේ රටේ පාලකයන්ගෙ බෙලහීනතාව නිසා තමයි මේ ප්‍රශ්නය ආයෙත් ඇදල ගන්නෙ. දෙවැනි ලෝක යුද්ධයේදී නට්සිවරුන් පරාද වුණා. ඒ වෙලාවෙ නට්සිවරයෙක් චර්චිල්ගෙන් ඇහුව නම් අපි මේ ප්‍රශ්නය ආපසු කතා කරාවිද? කියල කුණුහරුප දෙකක් කියල තමයි වැඩේ අවසන් කරන්නෙ. අපේ පාලකයන්ට බැරි වෙලා තියෙනවා සුමන්තිරන්ට කුණුහරුප දෙකක් කියන්න.

සුමන්තිරන් කියනවා ඔවුන් මධ්‍යස්ථ මිනිස්සුලු. ඔවුන්ට මේක දුන්නෙ නැත්නම් මීට වඩා භයානක පිරිසක් එනව කියලා බය කරනවා. ප්‍රභාකරන්ට වඩා ලොකු චණ්ඩියෙක්ද එන්නෙ? ප්‍රභාකරන් නැති කරපු අපට ප්‍රභාකරන්ගෙන් පස්සේ එන ඕන එකෙක් නැති කරන්න පුළුවන්. සුමන්තිරන් ඒක මතක තියාගන්න. ඒ නිසා සුමන්තිරන්ට මුහුණ දෙන්න නම් කළ යුත්තෙ දුර්වල කොට තිබෙන බුද්ධි අංශ ඇතුළු රණවිරුවන් ශක්තිමත් කිරීමයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();