උතුරු නැගෙනහිර සිංහල දුක
========================
බන්ඩාරනායක චෙල්වනායගම්, ඩඩ්ලි- චෙල්වනායගම් ගිවිසුම , වඩුක්කොඩ්ඩේයි සමුළුව , තිම්පු සාකච්චා, ඉන්දු ලංකා ගිවිසුම මතු නොව වේළුපිල්ලේ පිරිබාහරන් ගෙන ගිය මිලේච්ච ත්රස්තවාදයේ මතවාදි පදනම ඊනීයා දෙමළ නිජභූමියයි. ජීනීවා නුවර බෙදුම්වාදි ඩයස්පෝරාව මෙන්ම ඒකීයබව අහෝසි කිරිමට යෝජනා කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ මධ්‍ය පරිධිය කම්ටුවේ හරය වන්නේද උතුර නැගෙනහිර දෙමළ නිජභූමිය පිළිබඳව මිත්‍යාවයි.
ඊනීයා නිජභූමිය ප්රතික්ෂප කරන එසේම සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය මත පදනම් වු එක්සේසත් ශ්‍රී ලංකාව ඓතිහාසිකව සනාථ කරන ජීවමාන සාක්ෂ්‍යයන් දෙකොටසකි.
උතුරු නැගෙනහිර පුරා විසිරුණ පුරාවස්තු සහා වැව් අමුණු විසින් කියාපාන ප්‍රෞඩ සිංහල බෞද්ධ උරුමය ඉන් පළමු වැන්නයි. LTTE දෙමළ ත්‍රස්තවාදින්ගේ ජීවිත තර්ජන මෙන්ම TNA හා මුස්ලිම් බෙදුම්වාදින්ගෙ නොපනත්කම් හමුවේ හය වන බල ඇණියක් සේ නොසැලි සිටින අහිංසක මිනිසුන් එකි එකීයත්වයේ ජීවමාන සාක්ෂියයි.
බෞද්ධ පුරාවස්තු සංහාරයට ලක්කරමින් ඉතිහාසය මකා දමන තලිබාන් ව්‍යාපෘතියට අපි එරෙහි විය යුත්තෙමු. අහිංසක මිනිසුන්ගේ කුඹුරු ඉඩම් අල්ලා ගනිමින්, ධීවර බෝට්ටුවට ගිනි තැබීමෙන් ඔවුන්ගේ ආර්ථික ජීවිතය අහිමි කරමින් තිබේ. කෘෂිකර්මයට ඇවැසි වතුර පොද ලබා නොදෙමින් කච්චේරියේ රස්තියාදු කරවන සිංහලයා නියමින් හෝ අනියමින් උතුරෙන් හා නැගෙනහිරින් පළවා හරිමින් තිබේ. සිංහලයා ඉලක්ක කරගත් මේ ක්‍රියාවලිය වාර්ගික පවිත්‍රකරණයක් (Ethnic cleansing ) මිස වෙන කිසිවක් නොවේ.
මේ අසාධාරණය දකිමින් නිහඩව සිටින සෑම රජයක්ම සිංහලයාට එරෙහි එකී වාර්ගීක පවිත්‍රකරණය නැමැති යුධ අපරාධයට වග කිවයුතු වේ.
හෙළ ජන බලය
0 Comments