Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීම සුළුකොට තැකිය නොහැකියි - ජනපති

මිනිසුන් මරණයට, රෝග පීඩාවන්ට හා මානසික පීඩනයට ලක් කරන තාක්ෂණික හා කොන්කි‍්‍රට් නිර්මාණයන් අද සංවර්ධනය ලෙස හැඳින්වුව ද සමස්ත ලෝකයේ ම අපේක්ෂාව වී ඇත්තේ සොබාදහමේ තිරසර පැවැත්ම තහවුරු කළ හැකි නව සංවර්ධන කි‍්‍රයාදාමයක් බව ජනාධිපතිතුමා පවසයි.
 
මීට වසර විස්සකට, විසි පහකට එහා ලොව රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, විද්වතුන් සහ විශේෂඥයන් බහුතරයකට පරිසරය රැක ගැනීමේ වුවමනාවක් නොතිබුණ ද අද පරිසරය සුරැකීම පිළිබඳ ලොව පුරා සියලු දෙනා උණුසුම් සංවාදයක නිරතව සිටින්නේ පරිසර විනාශය මිනිස් පැවැත්ම ඉදිරියේ ඇති අභියෝගාත්මක මෙන්ම තීරණාත්මක ගැටලුවක් වී ඇති නිසා බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.
 
එබැවින් පරිසර සංරක්ෂණය පිළිබඳ අද දවසේ වගකීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති ‘පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානෝත්සවය’ අමතමිනි.
 
පාසල් අධ්‍යාපනය තුළින් පරිසර අධ්‍යාපනය සිසුන් වෙත ලබා දී ඔවුන් ප‍්‍රායෝගිකව පරිසර සංරක්ෂණ කි‍්‍රයාවලියට යොමු කර පරිසර සංවේදී අනාගත පරපුරක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණයි.
 
පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රටට ඉදිරිපත් කර ඇති ‘නීල හරිත යුගයක්’ අනාගත ශ‍්‍රී ලංකාව ගොඩනැඟීමේ පුළුල් කි‍්‍රයාදාමය තුළ පරිසර නියමු වැඩසටහන සඳහා ලබාදී ඇත්තේ ප‍්‍රමුඛස්ථානයකි. පස් අවුරුදු සැලැස්මක් යටතේ කි‍්‍රයාත්මක වැඩසටහන මිලියන හතරක පාසල් දරුවන් පරිසර හිතකාමී පුරවැසියන් බවට පත් කිරීම ඉලක්ක කර ගනිමින් කි‍්‍රයාත්මක වන අතර, ජනාධිපති පදක්කමෙන් පිදුම් ලැබූ පරිසර නියමුවෙකුට විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේ දී විෂය සමගාමී බාහිර කි‍්‍රයාකාරකම් සඳහා වෙනම ලකුණු 4 ක් හිමි වීම ද ඉතා වටිනා අවස්ථාවකි.
 
අට වන වරටත් පැවැති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානෝත්සවයේ දී පාසල් 40ක පරිසර නියමුවන් 93 දෙනෙක් ජනාධිපති පදක්කමින් පිදුම් ලැබීය.
 
පරිසරය පිළිබඳ දැනුම පොත පතට සීමා කර නොගනිමින්, පරිසර දැනුම භාවිතයක් බවට පෙරළා ගැනීමට සිසුන් හුරු කරවන මෙම වැඩසටහන මෙම වසරේ සිට සියලු පාසල්වල සකී‍්‍රයව කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී අදාළ බලධාරීන්ට පෙන්වා දුන්නේ ය.
 
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල්, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();