Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපේ සමගිය කඩන්න කාටවත් ඉඩදෙන්නේ නැහැ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවාදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ‘අපේ සමගිය කඩන්න කාටවත් ඉඩදෙන්නේ නැහැ‘ යනුවෙන් පැවසූ බව එම අවස්ථාවට සහ සහභාගි වූ නම් සඳහන් කිරීමට අකමැති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයෙක් ලංකා ලිඩ්ස් නිවුස් වෙත පැවසීය.

ඔහුට අනුව මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රි – මහින්ද සමගිය තහවුරු කරන බවට සහතික වී ඇත්තේ එම සමගිය බිඳීමට යම් පිරිස් වලට ඇතුලේ සිට කුමන්ත්‍රණය කිරීමට ඉඩ දෙන්න එපා යනුවෙන් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

ආචාර්යවරයා එම කරුණු අනාවරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ එකතු නොවන බවට රේණුක පෙරේරා මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();