මගී ප්රවාහන පෞද්ගලික බස් රථ ඉන්ධන සඳහා ඩීසල් වෙනුවට තවමත් භූමි තෙල් යොදා ගන්නා බව සඳහන් වේ. ඇතැම් බස් සංගම් පවසා ඇත්තේ රජය විසින් භූමි තෙල්වල මිල ඉහළ දැමුවත් මෙම ගැටළුවට කිසිදු පිළිතුරක් ලැබි නැති බවයි.
ප්රථමයෙන් නගරාසන්න මාර්ගවල ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථවල මෙය සිදු වුද මේ වන විට ශ්රි ලංකාවේ සෑම ප්රදේශයකම පෞද්ගලික බස් රථ ඩීසල් වෙනුවට භූමී තෙල් යොදා ගන්නා බව සඳහන් වේ. මිල වැඩි කලද භූමි තෙල්වල මිල ඩිසල් මිලට වඩා පහළ අගයක් පැවතිම මෙයට ප්රධානතම හේතුව බවත් ඔවුන් පවසා ඇත. ඩීසල් ලීටරයකින් ධාවනය කළ හැකි දුර ප්රමාණයම භූමි තෙල් ලිටරයකින්ද ධාවනය කළ හැකි බවද පැවසේ.
මෙලෙස ප්රමිතියෙන් තොරව ඩිසල් වෙනුවට භූමි තෙල් යොදා ගැනිම නිසා හසිදි අනතුරක් ඇති වු විට බස් රථය ගිනි ගැනීමට තිබෙන අවස්ථාව ඉහළ බවද එම බස් රථ සංගම් පවසා ඇති අතර භූමි තෙල් යොදා බස් රථ ධාවනයෙදි හදිසි කාර්මික දෝෂවලට ලක්වන ප්රවනතාවයද ඉහළ බවත් සඳහන් වේ.
The post පෞද්ගලික බස් රථවල ඩීසල් වෙනුවට භූමිතෙල්. appeared first on Lanka News Column.
0 Comments