Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බහුතරය රනිල්ට?

Mangala_Ranil

ජනවාරි 08 ජනතා ජයග්‍රහණයට එරෙහිව දියත්කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය අසාර්ථක බවත් පාර්ලිමේන්තුවේ බහුතරය, අගමැති රනිල් වික්‍රමසිංහ සතු බවත් අමාත්‍ය මංගල සමරවීර පවසයි. හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නීත්‍යාණුකූල නොවන පත් කිරීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති කිසිවෙකුට ආණ්ඩු බලයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවත්  මේ වන විට පාර්ලිමේන්තුව සති දෙකකට කල්දමා ඇත්තේ බහුතර බලය පෙන්වා ගැනීමේ නොහැකියාවෙන් බවටත් අමාත්‍යවරයා සඳහන් කර සිටී.

අමාත්‍යවරයා] අවධාරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජාතික සංහිඳියාව වෙනුවෙන් ලංකාව පසුගිය වසර තුනක කාලය තුළ ලංකාව ගොඩනැගෙන සිටි ජාත්‍යන්තර කීර්තිය මෙම කුමන්ත්‍රණය හේතුවෙන් බරපතළ ලෙස හානි සිදුව ඇති බවයි.

මේ අතර මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකිමී මෙන්ම පලනි දිගම්බරන්ද එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුවේ බහුතරය බලය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය ද තම පක්ෂයට සහාය දෙන බවට අජිත් පී පෙරේරා අමාත්‍යවරයා පවසා ඇත.

The post බහුතරය රනිල්ට? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();