ආසියාවේ රටවල් 45ක එකතුවෙන් ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා පෙන්වීමටත්, ක්‍රීඩා කුසලතා වර්ධනය කර ගැනීමට වසර 4කට වරක් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී ඔවුන්ගේ දස්කම්වලට අභියෝග කරමින් එම දක්ෂතා යටපත් කිරීමට අප්‍රිකානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිහිපදෙනකු සමත්වී තිබේ. එහිදී විශේෂයෙන් බහරේනය සහ කටාරය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කැපී පෙනෙති. එහිදී මේ රටවල් 45 අතරින් බහරේනය සහ කටාර් රාජ්‍යය කැපී පෙනේ. කසකස්ථානය, බල්ගේරියාව සහ ජපානයද විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනකු මෙවර තරගාවලියට එක්කර තිබිණි.
මේ ක්‍රීඩා උළෙලට ඇතුළත් රටවල් විශාල ප්‍රමාණයක් තම රටේ උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියට එක් කරමින් ඔවුන්ට අවස්ථාව ලබාදෙන අතර ඉහත රටවල් දෙක සමගින් තවත් රටවල් කිහිපයක් අප්‍රිකානු මහද්වීපයේ රටවල උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ගෙවමින් තම රටේ ජාතික ධජය යටතේ මේ තරගාවලියට එක් කර තිබිණි.
මේ මගින් ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු වන්නේ සුළු පටු අසාධාරණයක් නොවේ. ජාත්‍යන්තර ක්‍රීඩා නීතිරීති අනුව විදෙස් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රටේ ධජය යටතේ මේ තරගාවලියට සහභාගී කරවීමට අවස්ථාව ඇත. ඒ හේතුවෙන් 2006 වසරේ සිට ආසියානු රටවල් කිහිපයක් මෙලෙස විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැටුප් ලබාදෙමින් ක්‍රීඩා උළෙලට එක්කර තම රටේ අභිමානය වැඩිකර ගැනීමට කටයුතු කරමින් සිටී.
එහිදී වැඩි වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්කර ගැනෙනුයේ මලල ක්‍රීඩා ඉසව් සඳහාය.
එහෙත් එමගින් ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවන අසාධාරණය ගැන වෙනම සලකා බැලිය යුතු කරුණකි.
මෙවර 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී බහරේනය මලල ක්‍රීඩා ඉසව්වලින් පදක්කම් 22ක් දිනාගත් අතර කටාර් රාජ්‍යය පදක්කම් 8ක් දිනා ගත්තේය. බහරේනයේ මලල ක්‍රීඩා පදක්කම් සංඛ්‍යාවට රන් 12ක්, රිදී 6ක් සහ ලෝකඩ 7ක් ඇතුළත් වූ අතර කටාර් රාජ්‍යයට රන් 5ක්, රිදී 2ක් සහ ලෝකඩ පදක්කමක් ඇතුළත් විය.
බහරේන කණ්ඩායමට ඉතියෝපියා, නයිජීරියා, කෙන්යා, මොරොක්කෝ ඇතුළු අප්‍රිකානු මහද්වීපයේ රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ව සිටියහ.
එහිදී රන් ත්‍රිත්වයක් දිනාගත් එඩිඩියොං ඔඩියොං නයිජීරියානු ක්‍රීඩිකාවකි.
කටාර් රාජ්‍යයේ පදක්කම් 7 ට සුඩාන ක්‍රීඩකයන් දෙදෙනකු, ඊජිප්තු, නයිජීරියා, යේමනයේ ක්‍රීඩකයන් නියෝජනය කළ අතර 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායමටද විදෙස් ක්‍රීඩකයෝ ඇතුළත් වූහ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා පිරිමි සහාය දිවීමේ පිලටද පදක්කමක් අහිමිවී ගියේය. ඔවුන් එම ඉසව්වේ අවසන් තරගයේදී සිවුවැනි ස්ථානයට පත්වූ අතර කටාර් රාජ්‍යය සහ බහරේනය රන්, රිදී පදක්කම් දිනා ගත්තේය. මේ රටවල් දෙකේ පදක්කම් අතුරින් රන් 16ක් මේ අප්‍රිකානු ක්‍රීඩක ක්රීඩිකවෝ දිනා ගැනීම විශේෂ සිදුවීමකි.
ජපානය රග්බි ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර එම කණ්ඩායම නියෝජනය කරමින් ඊජිප්තු ක්‍රීඩකයක් තිදෙනකු එක්ව සිටියහ. මේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.
මෙවර තරගාවලියේ මලල ක්‍රීඩා අතින් ඉදිරියෙන්ම සිටි ඉන්දියාවටද මේ හේතුවෙන් රන් පදක්කම් 7ක් දිනා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය.
මෙලෙස විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු තරගාවලියට එක්කර ගැනීම පිළිබඳ ආසියානු ඔලිම්පික් කමිටු සාකච්ඡාවකදී ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාද ප්‍රශ්න කර තිබිණි.
මේ ක්‍රීඩා උළෙලට එක්වන පොහොසත් රාජ්‍යයක් වන ලෙබනනය පවා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ තම රටේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා පමණක් බලන හෙයින් වෙනත් රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්කර නොගත යුතු බවයි.
නිරෝෂාන් ප්‍රියංකර
0 Comments