Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙල්ගම හිටපු ජනපතිට එරෙහි වෙයි.

Kumara_Welgama_MP

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමාගේ සහෝදරයෙකු තම නියෝජිතයෙකු ලෙස තරඟවදින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉන්දීය මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය කුමාර වෙල්ගමගේ දැඩි විවේචනයට ලක්වී තිබේ. පක්ෂය රාජපක්ෂ පවුලට අයත්වූවක් නොවන බවත් පක්ෂය තුළ තවත් ජ්‍යෙෂ්ඨයන් සිටියදී රාජපක්ෂ පවුලෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට කළ ප්‍රකාශයට තමා එකඟ නොවන බවත් කුමාර වෙල්ගම පවසා සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා,

“මේ පවුල්වාදය නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ගියපාර පැරදුනේ. මොකද පවුලේ සාමාජිකයින්ට තමයි මුල් තැන දීලා තිබුණේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහා වුණා. කෙලින් වැඩ කරපු අයත් යටින් එතුමාට විරුද්ධව වැඩ කළා. මේක පවුලට විතරක් සීමා කරනවාට මම නං කැමති නෑ. පක්ෂයක් වුණාම කාටත් අයිතියි. ඒ පවුලේ නොවෙන ජ්‍යෙෂ්ඨයෝ ගොඩක් ඉන්නවා. එතුමා මතක තියා ගන්න ඕනේ ජේ.ආර්ගෙන් ප්‍රේමදාස මහත්තයා කැමැත්තෙන් ගත්තේ නෑ.. චන්ද්‍රිකා නෝනා රාජපක්ෂ මහත්තයාට කැමැත්තෙන් දුන්නේ නෑ..සිරිසේන මහත්තයා ගියේ එතුමාට හිමි තැන දුන්නේ නැති නිසා. එතකොට තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ සූදානම් වෙන්නේ.” යැයි පැවසීය.

The post වෙල්ගම හිටපු ජනපතිට එරෙහි වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();