Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැන්ඛුට් කුණාටුවට 66ක් බිලි.

Mancut

අග්නිදිග ආසියානු කලාපයට බලපෑ මැන්ඛුට් සුළිකුණාටුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

සුළිකුණාටුවෙන් පිලිපීන ජාතිකයන් 64 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වන අතර  කුණාටුවෙන් පිලිපීනය, හොංකොං සහ චීනයේ දකුණුදිග ප්‍රදේශයට දැඩි බලපැම් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, මේ වන විට චීනයේ ජනාකීර්ණම පළාත වන ගුවාන්ග්ඩොන්ග් ආශ්‍රිත නගර හතකින් පුද්ගලයින් මිලියන 2 දශම 7ක් ඉවත් කර ඇති බවයි.

මැන්ඛුට් සුළිකුණාටුවේ මේ වන විට පැයට කිලෝමීටර් 162 ක වේගයකින් හමායන බව එරට කාලගුණ වාර්තාවල සඳහන් බව පැවසේ.

කුණාටුව හේතුවෙන් චීනය සිය ධීවර බෝට්ටු 50,000ක් නැවත කැඳවා ඇති බවත් හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිත ගුවන් ගමන් 800ක් අවලංගු කිරිමට පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

මැන්ඛුට් සුළිකුණාටුව, ලබන අඟහරුවාදා වන විට අවපීඩන තත්ත්වයක් දක්වා දුර්වල වනු ඇතැයි කාලගුණ විද්‍යා බලධාරීහු පවසා තිබේ.

The post මැන්ඛුට් කුණාටුවට 66ක් බිලි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();