Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදෙස් ආයෝජනයකින් එන ඊ-හෙල්ත් කාඩ්පත.

Health_Minister_Rajitha
සියලුම රෝහල් මාස 04 කින් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට විදේශීය සමාගමක් ආයෝජනයක් ලබාදුන් බවත්  තවත් මාස 09 කින් ලංකාවේ සියලුම ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත ලාබදීමට එම සමාගම සුදානම් බවත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ,  ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ 61 වන වාර්ෂික සැසිවාරය සඳහා එක්වෙමිනි. මෙහිදී වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් ඇගයීම වෙනුවෙන් අභිමානි හරසර සම්මාන ප්‍රදානය ද සිදු කෙරුනේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
රසායනාගාර වෘත්තිකයින් වෘත්තීයවේදීන් බවට පත් කිරීම සදහා අපි කටයුතු කරමින් සිටිනවා. උපාධිධාරීන් විදිහට පිළිගැනීමක් ලබාදිය යුතුයි. සියලු සේවාවන් වෘත්තීන් බවට පත් කළ යුතුයි. විදේශීය රටවල වෘත්තිකයින්ට පිළිගැනීමක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට පමණක් පිළිගැනීමක් තිබුනා. 2002 රජය සමයේ මේ සදහා කැබ්නට් අනුකාරක සභාවක් පත් කළා. රුපියල් සත වලට වඩා වෘත්තීයවේදීන් බවට අනෙකුත් සේවා පත් කළ යුතු බව මම එහිදී ප්‍රකාශ කළා. ඒ සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කළා. වෛද්‍ය සංගම් විරුද්ධව කථා කළා. මම පසුව විපක්ෂයේ හිටියත් මෙම අදහස මල්ඵල ගැන්වීම සදහා අදහස් ප්‍රකාශ කළා. වෘත්තිකයින් බවට ඔබලා පත් කරන විට ඊට විරුද්ධ වන්නේ ගෙබි න්‍යාය තිබෙන අයයි. ලෝකය දැක නැති අයට හොදයි. ලිං මැඩි චින්තනයක් තිබුනේ. සමහරු දේශප්‍රේමය ගැන කථා කරන්නේ නොදන්න කමටයි. ඔබලාට උපාධියක් ලබාදෙන කොට එවැනි අයට ගැටලුවක්. වෛද්‍ය ක්ෂේත්‍රය සදහා රසායනාගාර විද්‍යාඥයින් ද අත්‍යාවශ්‍ය වෙනවා. ස්වයංක්‍රීය යන්ත්‍ර ලබාදුන් පසු තත්පරයකට රුධිර පරික්ෂණ වාර්තා 16 ක් පිටවෙනවා. රසායනාගාර සේවා ඇති සියලුම රෝහල් වලට රුපියල් බිලියන 2.6 ක් වැය කරමින් ස්වයංක්‍රීය රුධිර පරීක්ෂණ යන්ත්‍ර ලබාදී තිබෙනවා. තාක්ෂණය දියුණූ වුනත් එම වාර්තා සදහා රසායනාගාර ශිල්පීන්ට ගෙවනු ලබන දීමනාව අඩු කර නැහැ. විද්‍යාව හා තාක්ෂණය දියුණු වන විට වැය බර අඩු කළ යුතුයි. සියලු විරෝධතා මධ්‍ය යේ උපාධිය ලබාදීමට තීන්දු කළා. දියුණු තාක්ෂණය සෞඛ්‍ය සේවාවට රැගෙනවිත් තිබෙනවා. ඊ-හෙල්ත් ව්‍යාපෘතිය හොරණ රෝහලෙන් ආරම්භ කළා. විදේශීය සමාගමක් මට ආයෝජනයක් ගෙනත් දුන්නා සියලුම රෝහල් මාස 04 කින් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කිරීමට. තවත් මාස 09 කින් ලංකාවේ සියලුම ජනතාවට ඊ-හෙල්ත් කාඩිපත ලාබදීමට එම සමාගම සුදානම්. එම සමාගම තමයි ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මිලියන 40 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩිපත ලබාදුන්නේ. ෆයිල්කවර භාවිතා නොකර පරිගණක භාවිතයෙන් සේවා කටයුතු සිදු කළ යුතුයි. ඉදිරියේ දී වෛද්‍ය විද්‍යාවත් වෙනස් වෙනවා. වසර 2030 වනවිට ජාන තාක්ෂණය වෛද්‍ය විද්‍යාව ලොව පුරා ව්‍යාප්ත වෙනවා. මේ වන විට ඇමරිකාවේ එය ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවත් සුදානම් විය යුතුයි. විවෘත මනසකින් ගමන යා යුතුයි. වෘත්තීය ඉල්ලීම් ලබාදෙනවා. සාකච්ඡා මාර්ගයෙන් විසදුම් ලබාදෙනවා.

The post විදෙස් ආයෝජනයකින් එන ඊ-හෙල්ත් කාඩ්පත. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();