ලෝකයේ දූෂණ විරෝධී සටන් පාඨය ඔස්සේ ලෝකයේ බලයට පැමිණ මේ වනවිට ජනතා අපේක්ෂා මුදුන් පමුණුවන දේශපාලන කණ්ඩායම් දක්නට ලැබෙන අතර ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ නව ග්රාමාත්යවරයා ලෙස පත්වූයේද මෙලෙසම දූෂණයට, අල්ලසට දැඩි පහරක් එල්ල කරමින් බව පැවසේ. එසේ බලයට පැමිණි ඔහු මෙතෙක් ගතවූ දින කිහිය තුළ කටයුතු කර ඇති ආකාරය අනුව දූෂණ විරෝධී කඳවුරට සුභවාදී බලාපොරොත්තු සහගත බාවයක් ලබාදී ඇති බවත් සඳහන් වේ.
ඔහු සිය කැබිනට් මණ්ඩලය පත් කිරීමේදීද මෙම ආදර්ශය දී ඇති අතර ඔහු සිය කැබන්ට් මණ්ඩලය සාමාජිකයන් 16කට සීමා කර තිබේ. එමෙන්ම සිය පළමු කැබ්නට් මණ්ඩල රැස්වීමේදීම ඔහු පාකිස්තානයේ ජනපති, අගමැති ඇතුළු සියලු රජයේ නිලධාරීන්ට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම් කරමින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් සඳහන් වේ. නායකයන්ට සහ නිලධාරීන්ට අභිමතය පරිදි රාජ්‍ය මුදල පරිහරණය කිරීම තහනම් කිරීමට එම කැබිනට් හමුවේදී තීරණය වී ඇති අතර ඒ අනුව පාකිස්තාන ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු නායකයන් සහ සියලු රාජ්‍ය නිලධාරීන්ට ගුවන් ගමන්වලදී පළමු පන්තියේ ගමන් කිරීම තහනම් කර ඇති බව සඳහන් කර සිටී.
එමෙන්ම ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රාජ්‍ය වියදම් සීමා කරන, අනවශ්‍ය වියදම් කපා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එහිදි ප්‍රකාශ කරමින් ඔහු තම කාර්ය මණ්ඩලය අඩු කරන බවටද ප්‍රකාශ කර ඇති අතර නිල නිවාසවල සිටීමද ප්‍රතික්ෂේප කර තිබේ. නිල නිවාස අධ්‍යාපන මධ්‍යස්ථානක් බවට පත් කරන බවද ඔහු සඳහන් කර ඇත.
The post ඉම්රාන් ඛාන්ගෙන් දූෂණ විරෝධීන්ට බලාපොරොත්තුවක්. appeared first on Lanka News Column.
0 Comments