ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සාම්ප්‍රදායික සබඳතා තව තවත් පුළුල් කරමින් දේශපාලන සහයෝගීතා ඔස්සේ ආර්ථික සබඳතා ශක්තිමත් හා පුළුල් කරලීමට දෙපාර්ශ්වයම කටයුතු කළ බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් (Hon. Pham Binh Minh) අතර පැවැති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි. වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අද (27) මෙම හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙදාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා නිරන්තර සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ නිල සංචාරයක් සඳහා වියට්නාමයට පැමිණීමෙන් ද, මෙම මාසයේ ඉන්දීය සාගර සමුළුව සඳහා සහ ලබන මාසයේ ලෝක ආර්ථික සමුළුව සඳහා වියට්නාමයට පැමිණීමෙන් ද පිළිබිඹු වන්නේ තම රට කෙරෙහි දක්වන මිත්‍රශීලී ආකල්පය බවය. ඒ සම්බන්ධයෙන් වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කෘතඥතාව පළ කළේය.
ඉන්දියන් සාගර සමුළුවේ සත්කාරක රාජ්‍ය ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විඅග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ වියට්නාමයට සිය ස්තුතිය පළ කළේය.
ඉන්දියන් සාගර සමුළුව ඔස්සේ කලාපීය සංවර්ධනය, සාමය සහ සමෘද්ධිය උදාකරලීමට සියලූ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගත යුතු බව ද මේ සාකච්ඡාවේ දී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
The post ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සාම්ප්‍රදායික සබඳතා පුළුල් වෙයි. appeared first on Lanka News Column.
0 Comments