Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමෙරිකාවෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක.

America_Russia

රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමෙරිකාව සුදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

ඇමෙරිකාව සඳහන් කර ඇත්තේ රුසියාව, බ්‍රිතාන්‍යයේ දිවිගෙවන හිටපු රුසියානු ඔත්තුකරුවකුට මාරාන්තික විෂ ප්‍රහාරයක් එල්ල කිරීම මෙම නව සම්බාධක පැනවීමට හේතු වූ බවයි. රුසියාව, තමනගේම පුරවැසියන්ට එරෙහිව මාරාන්තික රසායනික අවි භාවිත කර ඇති අතර එය ජාත්‍යන්තර නීතිය කඩ කිරීමක් බවත් ඇමෙරිකාව ප්‍රකාශ කරන බව පැවසේ.

විෂ ප්‍රහාරය එල්ල වූ රුසියානු හිටපු ඔත්තුකරු සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යූලියා, ඉන් බරපතළ ලෙස රෝගාතුර වූ නමුත් පසුව සුවය ලබා ඇත. මෙම විෂ ප්‍රහාරයට රුසියාව සම්බන්ධ යැයි බ්‍රිතාන්‍ය පරීක්ෂක කණ්ඩායමක් පැවසුව නමුත් රුසියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පැවසේ.

නව සම්බාධක ලබන 22 දින සිට ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

The post ඇමෙරිකාවෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();