විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලුවලට පිළිතුරු ලබානොදී විශ්වවිද්‍යාලවල සූදානම් කෙරෙන උත්සව අවස්ථා සඳහා සහභාගී වීමට කිසිදු දේශපාලනඥයෙකුට අවස්ථාව ලබානොදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කර සිටී.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේ සංවිධානය කරන උත්සවයකට දේශපාලනඥයින් කැඳවීමට පියවර නොගන්නා ලෙසට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් බාරදීමට කටයුතු කරන බවයි. එමෙන්ම අද(27) දිනයේ දී අදාළ ලිපිය බාරදීමට සැලසුම් කර ඇති බව ද ලහිරු වීරසේකර වැඩිදුරටත් සඳහන් කර තිබේ.
The post විශ්වවිද්‍යාල උත්සව සඳහා සහභාගී වීමට දේශපාලනඥයින්ට අවසර නැති වෙයි. appeared first on Lanka News Column.
0 Comments