පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා යයි පවසමින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කිරීමට නියමිත කමිටුවද ඡන්ද කල්දැමීමේ උපක්‍රමයක් මිස විසඳුම් මගක් නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
නව මැතිවරණ ක්‍රමය බිහි කළ ආණ්ඩුව තුළම පක්ෂ වශයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කණ්ඩායම් වශයෙනුත් මතභේදයක් නිර්මාණය වී ඇතැයිද පළාත් සභා මැතිවරණය කල්යන්නේ එහි ප්‍රතිපලයක් හැටියට යැයිද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියි.
සීමා නිර්ණය කමිටු වාර්තාවට මහින්ද පිලේ විරෝධය තේරුම් ගත හැකි නමුත් ආණ්ඩුව එය පරාජයට පත්කිරීමෙන් අදහස් කළේ ඡන්ද කල්දාගැනීම පමණකැයිද විජිත හේරත් අවධාරණය කරයි.
The post අගමැතිගේ නිර්දේශ කමිටුවත් ඡන්ද කල් දැමීමේ උපක්‍රමයක්. appeared first on Lanka News Column.
0 Comments