ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල හිටපු නොම්මර එකේ ක්‍රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සින්සිනෙටි ටෙනිස් තරගාවලියේ මූලික වටයේදීම චෙක් රාජ්‍යයේ පෙට්රා ක්විටෝවා හමුවේ ලකුණු 6-3ක්, 2-6ක් සහ 6-3ක් ලෙස පරාජයට පත්විය.
පසුගිය වසරේ සිය පළමු දරු ප්‍රසූතිය නිසා ටෙනිස් පිටියෙන් ඉවත්වී සිටි සෙරීනා නැවත පිටියට පිවිසීමෙන් පසුව ශූරතාවක් දිනාගැනීමට මෙතෙක් සමත්වී නොමැත.
‘මේක මගේ දෙවැනි ගමනේ ආරම්භයි. වැඩිපුර මහන්සිවී ඉදිරියේදී නැවත ජයග්‍රාහී මාවතට පිවිසීමට මට හැකියාව තිබෙනවා. ‘ පරාජයෙන් පසුව අදහස් පළ කරමින් 23 වතාවක්ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනා ඇති සෙරීනා කීවාය.
0 Comments