Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්.

REMANDED_01

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය අගෝස්තු මස 21 වන දා ප්‍රකාශ කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (10) නියම කර තිබේ.

එතෙක් එම සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ තැබීමට  නියම කර ඇත.

ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින්  එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා ඇත්තේ අල්ලස් පනතේ 78.2 වගන්තිය ප්‍රකාර අල්ලස් නඩුවක් ඉක්මනින් විභාග කොට අවසන් කළ යුතු බවට ප්‍රතිපාදන පනවා ඇති බව කියා සිටියත් මෙම නඩුවේ විභාගය ප්‍රමාද වන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසයි.

එහෙත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා ඇත්තේ මෙම සැකකරුවන්ට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය වී නොමැති බවයි. ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මෙන්ද අල්ලස් කොමිසමේ නීතිඥවරිය ඉල්ලා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තරංග දිසානායක  එම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 21 වනදා ප්‍රකාශ කරන බව නියම කර තිබේ.

කන්තලේ සීනි සමාගමේ යන්ත්‍රෝපකරණ විකිණීමේ ක්‍රියාදාමය ඉටු කර දීම සඳහා රුපියල් කෝටි 2 ක අල්ලසක් ඉල්ලූ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.

The post හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();