දිගාමඩුල්ල සංචාරක පියසේන වතුදුර
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සුභ සාධක සංගමය විසින් මෙහෙයවනු ලැබු සමස්ත ලංකා ක්රිකට් තරගාවලියේ ශූරතාව අත්කර ගැනීමට අම්පාර දිස්ත්රික් කාර්යාලයීය කණ්ඩායම සමත් විය.
දිස්ත්රික් කණ්ඩායම් 26කගේ සහභාගිත්වයෙන් හුණුපිටිය ස්ටැන්ලි ජෑන්ස් ක්රිඩාංගණයේ පැවැති තරගාවලියේ අවසන් තරගයේදී අම්පාර පිල හමුවේ මහනුවර දිස්ත්රික් කණ්ඩායම පරාජයට පත්විය.
තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස ඉෂාන් මධුරංග සහ තරගාවලියේ වීරයා ලෙස ඩබ්ලිව්.කුෂාන් තේරීපත් වුහ. එච්.එස්.නිලන්තගේ නායකත්වයෙන් තරගය කළ ජයයග්රාහී කණ්ඩායමට ඉෂාන් මධුරංග, ඩබ්ලිව්. කුෂාන්, එම්.කේ.සුරංග, ඩබ්.එම්.සමීර සම්පත්, ප්රදීප් සමීර දහනායක, නලීන් දර්ශණ, එන්.ජී. ලක්ෂිත මධුෂාන් ඇතුළත් වූහ.
ඡායාරූපය - දිගාමඩුල්ල සංචාරක
0 Comments