ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ. ඕස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කර ඇත්තේ, ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් ලිපිගොනු ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති බව ය.
ඕස්ට්‍රේලියානු ත්‍රස්ත මර්දන පොලීසිය මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලද මෙම ලාංකිකයාගේ වයස අවුරුදු 25 ක් බවත් විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වේ.
ඉලක්ක කරන පුද්ගලයින් හා ස්ථානවල නම් ඇතුළත් සටහන් පොතක් අදාළ සේවකයාට හමුවී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කර ඇති අතර අද අලුයම කළ තව ත් වැටලීමකදී විද්‍යුත් උපාංග කිහිපයක් ද ඕස්ට්‍රේලියානු පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
ත්‍රස්ත පනතට අදාළ වැරදි සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකිකයාට එරෙහිව චෝදනා ගොනුකර ඇති අතර ඔහුට ඇපදීම ප්‍රතික්ෂේප කර බවත් IS සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන මෙම පුද්ගලයාට එරෙහි චෝදනා බරපතළ බවත් ඕස්ට්‍රේලියානු පොලීසිය සඳහන් කර තිබේ.
The post ඕස්ට්‍රේලියාවේදී ත්‍රස්ත චෝදනා මත ලාංකිකයෙකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.
0 Comments