Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෘත්තීය සමිති මර්දනයට අලුත් අවියක්..

jvp

වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිචාර දැක්වීම පිළිබඳවද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයින්ගේ අවධානය යොමුවිය.

“දැන් ආණ්ඩුවේ අලුත් වෘත්තීය සමිති මර්දන උපකරණය වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව සහ වෘත්තීය සමිති අතර ගැටුමක් ඇති කරන එකයි. ඒක නිසා තමයි ජනාධිපතිතුමා කිවුවේ වැඩවර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නෙවෙයි ජනතාවට කියලා. ප‍්‍රශ්න විසඳන්න ඉන්න පාලකයෝ ප‍්‍රශ්නය මඟහරිනවා. මොන වැඩ තිබුණත්, 10ට නිදාගන්න ජනාධිපති කෙනෙක් රටේ ප‍්‍රශ්න විසඳන්නේ කොහොමද?” ලාල්කාන්ත කීවේය.

“දුම්රිය වැඩවර්ජන වුණත් ආණ්ඩුවට විසඳන්න පුළුවන් එකක්. ඇත්තටම දැන් ආණ්ඩුවක් නැහැ. අගමැති එකක් කියනවා. ජනාධිපති එකක් කියනවා. කැබිනට් මණ්ඩලය තවත් එකක් කරනවා. මේ නිසා තමයි ප‍්‍රශ්න උග‍්‍රවෙලා තියෙන්නේ. ආණ්ඩුවේ බැරිකම වෘත්තීය සමිති පිටින් දාලා ජනතාව කෝප ගන්වලා වෘත්තීය සමිතිවලට විරෝධය හදනවා.” මහින්ද ජයසිංහ කීවේය.

“දැන් ඊටීඅයි ආයතනයයි තැන්පත්කරුවොයි අතර ප‍්‍රශ්නයත් ඒ වගේ දෙයක් වෙලා. මේ වගේ නීති විරෝධී විදියට තැන්පත් බාරගත්ත එකට ඊටීඅයි ආයතනයට විරුද්ධව මහ බැංකුව පියවරක් ගන්න ඕනෑ. නමුත් දැන් ආණ්ඩුව පැත්තක තැන්පත්කරුවෙයි ආයතනයේ නිලධාරීන් ගහගන්න තත්වයක් මතුවෙලා. මේ තත්වය ජනතාවත් හරියට තේරුම් ගන්න ඕනෑ.” වසන්ත සමරසිංහ කීවේය.

The post වෘත්තීය සමිති මර්දනයට අලුත් අවියක්.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();