Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්වාධීන වීමට අවස්ථාවක්.

Mahinda_Amaraweera

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබාදීමට හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටී. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විවිධ පරස්පරතා තිබුණද රටේ අනාගතය වෙනුවෙන් එක්වී කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා පවසයි. ස්වාධීන වීම සඳහා අවශ්‍ය නම් එක් එක් මන්ත්‍රීවරයා වෙන් වෙන් වශයෙන් ලිපි ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

The post ස්වාධීන වීමට අවස්ථාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();