අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික වැඩසටහන හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන්ගේ හා පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් හා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරම්භ වෙයි.
ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ශාඛාව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ඒකාබද්ධව සංවිධාන කළ මේ හැකියා පුහුණු සංවර්ධන වැඩ සටහනට මේ වසරේ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියට එක්වන සියලු කාණ්ඩවල කණ්ඩායම් පුහුණුකරුවන් හා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා එක්ව සිටියහ.
ප්‍රවීණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා පාසල් තරග සිට පළමු පෙළ තරග දක්වා පිතිකරණ කලාව යන මැයෙන්ද, මහේල ජයවර්ධන මහතා තරණ ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම යන මැයෙන් ද ප්‍රායෝගික උදාහරණ සහිතව දේශන පැවැත්වූහ. පළමු ශ්‍රේණියේ විනිසුරුවකු ලෙස කටයුතු කරන රුචිර පල්ලියගුරු මහතා විසින් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ අවංකභාවය, විනය හා නායකත්ව භූමිකාව, ජ්‍යෙෂ්ඨ පුහුණුකරු ජයන්ත සෙනවිරත්න මහතා පාසල් ක්‍රිකට් පුහුණුවේදී ලද අත්දැකීම් ක්‍රීඩකයන්ට පැහැදිලි කර දුන්හ.
මේ ජාතික වැඩ පිළිවෙළ යටතේ රටපුරා විසිරී සිටින දක්ෂ පාසල් ක්‍රීඩකයන් ඉහළ තලයට ගෙන ඒම අරමුණ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
“ක්ෂේත්රයේ ප්‍රවීණයන්ට වගකීම් භාරදී විෂයට අදාළ කටයුතු සාර්ථකව කිරීමට අවශ්‍ය පහසුකම් මා සපයා තිබෙනවා. ඒක දේශපාලන නායකත්වයේ කාර්ය භාරයයි. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම ප්‍රවීණයන් ඉතා හොඳින් ඉටුකරන බව මාගේ විශ්වාසයයි” මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ප්‍රවීණයන්ට තම කෘතවේදීත්වය පළ කරන බවද ඇමැතිවරයා පැවැසීය.
මේ වැඩ සටහන දියත්වූයේ අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් අනුව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, උපදේශකවරුන් පාසල් ක්‍රිකට් සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සකස් කළ පාසල් ක්‍රිකට් ජාතික මෙහෙයුම් සැලැස්ම මගින් ඉදිරිපත්වූ යෝජනා සැලකිල්ලට ගෙනය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි හා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීහු එක්ව සිටියහ.
0 Comments