Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැසි තත්වය, සුළඟේ වේගය වැඩි වෙයි.

Weather

දිවයිනේ වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ වැඩිවීමේ හැකියාව අද(15) දිනයේදීත් තවදුරටත් පවතින අතර දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ති විය හැකි බව එම දෙපාර්තමේනතුව සඳහන් කරයි.

එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද කුරුණෑගල, ගාල්ල, මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

දිවයින පුරා, විශේෂයෙන් වයඹ, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

The post වැසි තත්වය, සුළඟේ වේගය වැඩි වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();