ශ්‍රී ලංකා විද්වත් වෘත්තික සංගම් සංවිධානය (ඕපීඒ) විසින් 20වැනි සංශෝධනය සම්බන්ධයෙන් සංවිධානය කළ විශේෂ සංවාදයක් එම සංගම් මූලස්ථානයේදී පසුගියදා පැවැත්විණි. එම සංවාදයට නීතීඥ ප්‍රතිභා මහානාම, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් සහභාගි වූහ. 20වැනි සංශෝධනයත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කි‍්‍රයාවලිය පිළිබඳවත් එහිදී දීර්ඝ සංවාදයක් පැවැත්විණි. 20වැනි සංශෝධනය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද අතර අනෙකුත් කථිකයින් විසින් ඇතැම් කරුණු සම්බන්ධ යෙන් විවේචනාත්මක කරුණු දැක්වීම් සිදු කෙරිණි. මෙම සංවාදයට සහභාගිවී සිටියේ විවිධ වෘත්තීන් නියෝජනය කරමින් පිහිටුවා ඇති විද්වත් වෘත්තික සංවිධානවල නියෝජිතයින් පිරිසකි. සංවාදය අවසානයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැති අතර පැමිණ සිටි කිහිප දෙනෙක් විජිත හේරත් මන්ත්‍රීවරයා සමග සුහද කතාබහක නිරත වූහ.
“ඇත්තටම මන්ත්‍රීතුමා 20 ගැන සමාජයේ තියෙන්නේ වැරදි මතයක්. සමහරු මේක ගැන හරියටම දන්නේ නැහැ. සමහරු ප්‍රචාරය කරපු බොරු මත ඔළුවේ දාගෙන ඉන්නේ. අපිත් අද තමයි හරියටම අඩංගුව ගැන දැනගත්තේ ” වෛද්‍යවරයෙක් පැවසීය .
“20 ගැන සමාජයේ තියෙන වැරදි මතය ඉවත් කරන්න ඔබතුමාලා වැඩිපුර මැදිහත් වුණොත් හොඳයි. හොඳ දෙයක් කරන්න ගියාම බාධා වැඩියි. ඒත් රටේ මිනිස්සු මේ ඇත්ත තත්වය දැනගන්නේ නෑ.” නීතිඥයෙක් පැවසීය . ”
“20 ගැන බිල්ලෝ මවන අය අඩංගුව ගැන කතා කරන්නේ නැහැ තමයි. අඩංගුව ගැන කතා කරන්න දෙයක් ඒ අයට නැහැ. මොකද මේක විධායක ජනාධිපති ක්‍රමය ගැන මිසක් රටේ ස්වෛරීභාවයටවත්, රට බෙදීම ගැනවත් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඔය හැම නායකයෙක්ම විධායක ජනාධිපති ක්‍රම ය අහෝසි කරන්න එකඟ වෙලා තියෙනවා.” විජිත හේරත් කියා සිටියේය.
The post 20 ගැන බොරු මත දුරු වෙයි. appeared first on Lanka News Column.
0 Comments