Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් සභා මැතිවරණය පිළිබඳ අවසන් තීරණයක් නෑ.

Fizer Musthapa

ඉදිරියේදී පැවැත්වීමට නියමිත යෝජිත පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (26) පෙරවරුවේ පවත්වා ඇති බව වාර්ථා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම සාකච්ඡාව පැවැත්වූ බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කර සිටී.

ඉදිරියේදී පැවැත්වීමට යෝජිත පළාත් සභා ඡන්ද විමසීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන් වන අතර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී ඇති බවත් පැවසේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එලඹීමට නොහැකි වූ බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  සඳහන් කර ඇත.

එමෙන්ම යළි ලබන බදාදා දිනයේ පක්ෂ නායකයින් රැස්වීමට නියමිතව ඇති බවත් සඳහන් වේ.

The post පළාත් සභා මැතිවරණය පිළිබඳ අවසන් තීරණයක් නෑ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();