ඉදිරි මාස 6ක ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට අසමත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය පිළිබඳ නැවත සිතා බැලීමට සිදුවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට දන්වයි. අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පෙරේදා නිමාවට පත්වූ අයි.සී.සී.යේ 75 වැනි වාර්ෂික සමුළුවේදී මේ තීරණය ගෙන තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයකුට අයි.සී.සී.යේ රැස්වීම් සඳහා සහභාගීවීමට අවසර ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟතාව පළ කළ ද ඊට සහභාගිවීමට අවසර ලබාදී ඇත්තේ නිරීක්ෂකයකු ලෙස පමණි.
‘ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝජිතයකුට අයි.සී.සී.යේ රැස්වීම්වලට සහභාගිවීමට අවසර ලබාදීමට අප එකඟතාවට පැමිණියත් ඔහුට ඒ සඳහා සහභාගිවීමට අවසර ඇත්තේ නිරීක්ෂකයකු ලෙස පමණයි.
මාස 6ක් ඇතුළත ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින අතර එය ඉටු කිරිමට අසමත්වන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය පිළිබඳ සළකා බැලීමට අපට සිදුවනු ඇත.’ නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී.ය එසේ පවසයි.
මීට අමතරව ක්‍රීඩකයන්ගේ පන්දුව පළුදු කිරීම් හා විනය විරෝධීව හැසිරීම් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද දින පහක් පුරා පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුවේදී තීරණය වී තිබේ.
0 Comments