පසුගිය 03 වනදා පාර්ලිමේන්තුවේදී, ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ හා ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා, කතානායකවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව අචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, ඔවුන් යම් විධිවිධානයන් කඩකර ඇති බව තීරණය කළහොත් දඬුවම් නියම කිරීමේ හැකියාවක් ඇති බව සඳහන් වේ.
ඒ අනුව දෝෂාරෝපණය, තරවටු කිරීම මෙන්ම නිශ්චිත කාල සීමාවක් දක්වා පාර්ලිමේන්තුව තහනම් කිරීමටද සිදුකළ හැකි බවත් පැවසේ.
පාර්ලිමේන්තුව සම්මත කළ නව චර්යා ධර්ම සංග්‍රහය අනුව මන්ත්‍රීවරුන් ආචාරශීලීව කටයුතු කළ යුතු අතර දේශපාලන කතාවලදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු විවාදවලදී උචිත භාෂාවක් භාවිත කළ යුතුය. කිසිම මන්ත්‍රීවරයෙකු යම් තැනැත්තෙකුට පහර දීම, හිරිහැර කිරීම හෝ තර්ජනය කිරීම නොකළ යුතු බවද එහි දැක්වෙන බව සඳහන් වේ.
විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වූයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරතවීම නිසාය. එහිදී අශෝභන වචන භාවිත කළ බවටත් සෙංකෝලය ගැනීමට උත්සාහ බවටත් චෝදනා එල්ල වූ අතර කතානායකවරයා විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරු හට දැඩි ලෙස අවවාද කර තිබුණි.
The post විමල්ට හා රණවීරට දඬුවම් නියම කරයිද? appeared first on Lanka News Column.
0 Comments