Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හීනෙකින්වත් හිතන්නේ නැති වෙයි මෙන්න අලුගෝසුවකුට ලැබෙන විශ්මිත වරප්‍රසාද

අලුගෝසු තනතුරට (වධක තනතුරට) බඳවාගන්නා පුද්ගලයාට මෙතෙක් හිමි නොවූ ආකර්ෂණීය වැටුපක් හා අමතර වරප්‍රසාද රැසක් ලබාදීම කෙරෙහි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

දැනට “කම්කරු ශ්‍රේණියේ” තනතුරකට ලැබෙන වධක රාජකාරියේ වැටුප වන රුපියල් 35,000 (සියලු දීමනා සහිතව) රුපියල් 50,000 දක්වා ඉහළ දැමිය හැකිද යන්න මෙහිදී මුලින්ම සලකා බැලීමට නියමිත බවයි සදහන් වන්නේ.

වධක තනතුරු දෙකට බඳවා ගන්නා පුද්ගලයන්ට නිල නිවසක් ලබාදීම, ආරක්ෂක රැකවලුන් සැපයීම කෙරෙහි දැනටමත් යෝජනා වී ඇති අතර ඒ සමඟම එල්ලා මරණ එක් පුද්ගලයකු වෙනුවෙන් කිසියම් දිරි දීමනාවක් ගෙවීමටද යෝජනා වී තිබෙනවා.

මේ අතර සේවය අතහැර ගිය වධකයන් දෙදෙනා නැවත සේවය ලබාදෙන ලෙසට ඉල්ලා බන්ධනාගාර මූලස්ථානය වෙත අභියාචනාවක් ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වනවා. මෙම තනතුරු පුරප්පාඩු වී ඇත්තේ 2013 වසරේ සිටය. ඉල්ලුම්පත් කැඳවීම මෙම මස 27දා සිට ගැසට් පත්‍රය මගින් සිදු කිරීමට නියමිතයි.

මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ මෙවර බඳවාගන්නා (වධක තනතුරේ) දෙදෙනාට මෙතෙක් හිමි නොවූ නිල නිවාසයක්, ආරක්ෂක රැකවලුන් දෙදෙනෙක් ලබාදීම ඇතුළු යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බවයි.

මෙම තනතුර සඳහා කාන්තාවන් බඳවා නොගන්නා බවද ඔහු ප්‍රකාශ කර සිටියා.



from Gossip Lanka News & Video https://ift.tt/2NALhJa
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();