නියම බෞද්ධයා පන්සලට යන පහන් පත්තු කරන අය නොවන බවත් බුදුරාජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන අය බවත් භික්ෂූන් වහන්සේලා දේශපාලනය කළ යුතු වුවත් ගැති නොවී කළ යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, හොරණ මදුරාවල අම්පිටිගල විහාරස්ථානයේ රන්වැට සහ බෝධි ප්‍රාකාරය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“බෞද්ධ දර්ශණය විද්‍යාත්මක දර්ශණයක්. ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් වන ඇල්බට් අයින්ස්ටයින් විද්‍යාවේ ගමන් මග වෙනස් කළා. ඔහු ද ප්‍රකාශ කරන්නේ බෞද්ධ දර්ශණය විද්‍යාත්මක දර්ශණයක් බවයි. සාපේක්ෂතාවාදය සමග ගොනු වූ විද්‍යාව තමයි අපි අද හදාරන්නේ. එය මහා විප්ලවයක්. විද්‍යාත්මක දර්ශණය වන බුදුදහම ජාත්‍යන්තරවාදී දර්ශණයක් ද වෙනවා. එයට ජාතිය, ආගම, කුලය බලපාන්නේ නැහැ. උතුම් දර්ශණයක් වසර 2600 කට පෙර අන්ත වැඩවසම් සමාජයක දේශණා කළ ප්රගතිශීලි දර්ශණයක්. මාක්ස්වාදය දේශණා කළෙත් ජාත්‍යන්තරවාදයයි. මාක්ස්වාදය තුලත් ජාති, ආගම්, භේද නැහැ. නූතන විද්‍යාව පිළිගන්නෙත් එයයි. මේවාට කොටු වුනාම බෞද්ධ දර්ශණය කියලා කියන්න බැහැ. මිනිසත්කම දියුණු කිරිම බුදුදහමේ මුලික හර පද්ධතියයි. කිසිම භේදයක් නැහැ. වර්තමානයේ සිංහල බුදුදහම කියලා කියනවා. නමුත් බුදුරඡාණන් වහන්සේගේ කාලයේ නම් එවැනි බුදුදහමක් තිබුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ යමෙකුට මාව දකින්න අවශ්‍ය නම් ධර්මය දකින්න කියලයි. අශෝක අධිරාජ්‍යා දිග්විජය ආරම්භ කරමින් යුද්ධය අවසන් කර ධර්ම යුද්ධය ආරම්භ කළා. ඉතාමත් ගැඹූරු දර්ශණයක් ලෝකයට ප්‍රචලිත කළා. මෙම දර්ශණය ගැඹූරින් හැදෑරීමට හැක්කේ බුද්ධිමතුන්ට පමණයි. අද බෞද්ධ දර්ශණය පැත්තකට දමා ආමිශ පූජාව තමයි සිදු කරනනේ. මේ රටේ තිබෙන ලොකුම ආයෝජනය දමයි බෞද්ධ දර්ශණය. ඔය වෙනත් ආයෝජන වැඩක් නැහැ. දියුණු ලෝකයේ ඉන්න අය භෞතික දියුණුවක් ලැබුවත් ගැටලු රැසක ඉන්නේ. ජිවිතයේ හරය කල්පනා කරනවා. ජිවිතයේ හර පද්ධතිය මොකක් ද කියා ඔවුන් සොයනවා. භාවනාව බෞද්ධ දර්ශණය හදාරනවා. ඔවුන් අපටත් වඩා බෞද්ධ දර්ශණය පිළිබදව දන්නවා. නිර්මල බුදුදහම තිබෙන්නේ ථෙරවාදී බුදුදහම තුලයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගැන් වු කොටගම වාචිශ්වර හිමියන්ගේ අපවත්වීම බුද්ධ ශාසනයට සිදු වූ විශාල පාඩුවක්. බෞද්ධ දර්ශණය මේ වන විට විකෘති කර තිබෙනවා. එය හැදැරීමේ දී ගැටලු මතුවෙන්න පුළුවන්. අපි එම දර්ශණයෙන් පිට යන්නේ නැහැ. කවුරු මොනවා කිවුවත් වැඩක් නැහැ. බයත් නැහැ. විශ්ලේෂණය කරන්න අපට අවශ්‍ය නැහැ. නියම බෞද්ධයන් කවුද කියලා අපි දන්නවා. නියම බෞද්ධයා පන්සලට යන පහන් පත්තු කරන අය නොවෙයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන අයයි. එවැනි වටිනා දර්ශණයක් තමයි මෙලෙස විනාශ කරන්නේ.”
“අන්තිමට ජාතිවාදය ගැනත් කියවනවා. ජාතිවාදය කියන්නේ රෝගයක්. ඇල්බට් අයින්ස්ටයින් තමයි ඒ බව ප්‍රකාශ කළේ. මමත් ආනන්දයේ ඉගෙන ගන්නා කාලයේ මුලින්ම හිටියේ ජාතිවාදය පැත්තේ. දෙමළ වෙළෙදසැල් වලින් කන්න එපා කියලත් කිව්වා. කොටගම වාචිශ්වසර හිමියන්ගෙන් පස්සේ තමයි සත්‍ය අවබෝධ වී එම තත්ත්වය වෙනස් වුනේ. මොළය පාවිච්චි කළා. ජාතිවාදය කුරිරු ද කියා කියලා තිබෙනවා. ජාත්‍යන්තරවාදයක් දේශණා කළ ආගමක මේ රටේ අනුනායක නාමිහියන් කෙනෙක් ප්‍රකාශ කරනවා කෙනෙකුට හිට්ලර් වෙන්න කියලා. තාම ඉරාණයේ කුමේනිවත් හිට්ලර් වෙන්න කියලා එරට පාලකයාට කිවුවේ නැහැ. ආගම්ක මුලධර්මවාදය තිබෙන්නේ ඉරාණයේ. එහෙවත් නැහැ මෙහෙම මූලධර්මවාදයක්. ඊටත් වඩා තත්ත්වයකට මෙම දර්ශණය ගෙනයන්න හදනවා. විශාල විනාශයක්. කිසිම දවසක රටක් ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් ගොට නැගුනේ නැහැ. ජර්මනිය විනාශ වුනෙත් ජාතිවාදය නිසා. ජාතිය ආරක්ෂා කරන්න ගියාම කුරිරු තත්ත්වයට පත් වෙනවා. වෙළෙදසැල් විනාශ කරනවා. මිනිසුන් ඝාතනය කරනවා. අපේ රටේ ජාතිය ගොඩනගන්න ගියාමත් මිනිස්සු මැරුවා. අද ශාසනයෙන්ම එය ප්‍රචාරය කරනවා නම් මහා ඛේදවාචකයක්. හැබැයි එම ප්‍රකාශයෙන් මිනිස්සු හොද අවබෝධයක් ගත්තා. වචන දෙකකින් මේ එන්නේ මොකක් ද කියා දැනගත්තා. ගෝටාභය රාජපක්ෂත් මමත් ඉගෙනගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. අලුතින් අදුරගන්න දෙයක් නැහැ. 2015 මැතිවරණය පැරදිලා ටික දිනකට පසු අපේ ගෙදර ඇවිත් ප්‍රශ්න ගැන කථා කළා. පෞද්ගලික ප්‍රශ්නයක් මට නැහැ. එම රජයට විරුද්ධ වුනේ පවත්වාගෙන ගිය වැඩපිළීවෙල නිසයි. රොබට් මුගාබේ සහ නෙල්සන් මැන්ඩලා ද වෙනස් වුනේ යුද්ධයෙන් පසුවයි. ශ්‍රී ලංකාවේ වුවෙත් එයයි. මම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැමෝම කියනකොට කිවුවා රාජිත ඔහොම තමයි මගේ දීර්ඝකාලීන මිත්‍රයා කියලා. මිත්‍රකමට හිටියා නම් මම ඉන්න ඕනි රාජපක්ෂවරුන් ලගයි. වත්මන් ජානාධිපිත මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මට කිසිම මිත්‍රකමක් තිබුනේ නැහැ. රාජපක්ෂ පවුල සහ අපේ පවුල ඊට වඩා මිතුරන්. දේශපාලනය කරන්න ආවේ මිත්‍රකමට නොවෙයි. රට වෙනුවෙන් කරන්න පුලුවන් දෙය කරනවා. බුදුරජාණන් වහන්සේට විරුද්ධවත් බාධක රැසක් ආවා. නමුත් එම බාධක බිද දමමින් උන්වහන්සේ බුදුදහම දේශණා කළා. බුදුරජාණන් වහන්සේ ද සියලු දුක් විදිමින් තමයි බුදුදහම දේශණා කළේ. වසර 2600 කට පෙර එවැනි දහමක් අවබෝධ කර ගත්තේ කොහොම ද එය ප්‍රශ්නයක්. එම දර්ශණය ඉදිරියට ආරක්ෂා කළේ මහා සගරුවන විසින්. එම දර්මය ඉදිරියටම ගෙන යා යුතුයි. දර්ම ප්‍රචාරය කළ යුතුයි. මමත් දේශපාලනයෙන් සමුගත් පසු මෙම දර්ශණය හදාරනවා. දේශපාලන මතිමතාන්තර වලට කොටු වන්න එපා. භික්ෂූන් වහන්සේලා දේශපාලනය කළ යුතු වුවත් ගැති නොවී කළ යුතුයි. මම භික්ෂූන් වහන්සේලා දේශපාලන පක්ෂ කිරීම පිළීබදව විරුද්ධත්වය පළ කරනවා යැයි පැවසීය.
The post ඇමති රාජිත නියම බෞද්ධයා ගැන කියයි. appeared first on Lanka News Column.
0 Comments