ඉන්දියා ප්රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ පළමු වටය අවසන් වන විට සන්රයිස් හයිද්රබාද් කණ්ඩායම පෙරමුණට පිවිස සිටියේය.
පළමු වටයේදී කණ්ඩායම් අට ම තරග තුන බැගින් අවසන් කර තිබූ අතර සන්රයිස් හයිද්රබාද් කණ්ඩායම ඉදිරියට පැමිණ සිටියේ ලකුණු 6ක් ලබා ගනිමිනි. ඔවුන් තරග තුන ම ජය ගෙන තිබිණි.
කිංග්ස් පන්ජාබ් පිල තරග දෙකක් ජය ගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටියේය. එම කණ්ඩායම සමග චෙන්නායි සුපර් කිංග්ස් හා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම්ද තරග දෙක බැගින් ජය ගෙන ලකුණු 4 බැගින් ලබා ගෙන සිටියහ.
කල්කටා නයිට් රයිඩර්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම් තරගයක් බැගින් ලබා ගෙන ලකුණු 2 බැගින් අත්කර ගෙන සිටියහ.
මුම්බායි ඉන්ඩියන්ස් පිල ඔවුන් සහභාගි වූ තරග තුනෙන්ම පරාජය වී සිටියේය.
0 Comments