කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය අය අතර ශ්‍රී ලාංකීක කාන්තාවක් ද සිටින බව අනාවරණය වී තිබේ.
රේණුකා අමරසිංහ නැමැති වයස අවුරුදු 48 ක් පමණ වන අැය අැතුළු පුද්ගලයින් දස දෙනෙකුගේ ජීවිත අහිමි වු අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලැබීය.
මේ සම්බන්ධයෙන් කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අහංගම රතනසිරි හිමියන් කියා සිටියේ, ඇය ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන බවයි.
වයස අවුරුදු 07ක පමණ කුඩා දරුවෙකු සිටින මෙම කාන්තාව තනියම රැකියාවක් කරමින් දරුවා හදාවඩා ගෙන ඇති බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.
දරුවා ඉපදීමට සිටින විටදීම ස්වාමි පුරුෂයා ඇය අත්හැර ඇති බවත් වසර 15 ක පමණ කාලයක් පුරා මෙම කාන්තාව කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්ථානය සමඟ සම්බන්ධතා පැවැත් වු බවත් රතනසිරි හිමියන් සඳහන් කරයි.
ඇය මේ වන විට කැනඩාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බවත් එනිසා අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කරන ආකාරය පිළිබඳ දායක සභාව සමඟ සාකච්ඡා කළ බවත් උන්වහන්සේ පැවසීය.


0 Comments