අප්‍රේල් පළවෙනිදා මෝඩයාගේ දිනය කියන සම්ප්‍රධායට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය පුරාවටම අප්‍රේල් පළවෙනිදා සිදුකල ඇතැම් විහිළු නිසා බොහෝ දෙනා අපහසුතාවය පත්වුනු කතා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ඊයේ (01) දිනයෙදිත් එවැනි සිදුවීම් කිහිපයක්ම අපිට අහන්න ලැබුනා. කොහොම වුනත් මේ කියන්න යන්නෙ ජාත්‍යන්තරයේ කතාබහට ලක්වුනු අප්‍රේල් පළවෙනිදා සිදුකල අමුතු විදියේ විහිළුවක් ගැන.
මේ සිද්දිය සිදුවුනේ 1939 වසරේ අප්‍රේල් පළමුවැනිදා. කතාවට ලොකු ඉතිහාසයක් තිබුනට මේ කතාව ඇහුවම අප්‍රේල් පළවෙනිදා කරන විහිළු සමහර විට කොයිතරම් බරපතල වෙන්න පුළුවන්ද කියලා හිතාගන්න පුළුවන්.
ඇමරිකා එක්සත් ජනපදයේ ඇපල් බී නෞකාව සිද්දිය සිදුවුන දවසේ මැනිලා වරායේ නැංගුරම් ලා තිබුණා “අද අප්‍රේල් පළෙවැනිදානෙ..! මොඩයාගේ දිනය..! අපි ප්‍රධාන අණ දෙන නිලධාරියාට විහිළුවක් කරමු කියලා නෞකාවේ සිටි අය තීරණය කරා.
ඒ වන විට ඇපල් බී නමැති එම නෞකාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස සේවය කළේ ඡේ. ඡේ. ස්විනි නමැති ඉතා කාරුණික අයෙකි. නෞකාවේ සියලුම නිලධාරීන්ට තරාතිරම නොබලා සංග්‍රහ කළ ඔහු මිලාන් නරගයට බෙහෙවින් ආදරය කළ අතර දරුවන් හා බිරිඳ මිලාන් නගරයේ පදිංචි කරවීය. නමුත් චීන ආහාර බෙහෙවින් අප්‍රිය කළේ ස්විනි වසරකට වරක් චීන මුහුදේ පැවැත්වෙන සංදර්ශන පවා මඟ හැරීමට කටයුතු කලා. ස්විනිගේ මෙම දුර්වලතාවය හඳුනා ගත් නැවේ නිලධාරීන් එය තමන්ගේ වාසියට පෙරළා ගෙන මෙම විහිළුව කිරීමට කටයුතු කලා.
සර්, මෙන්න ඔබට ස්ථානමරු නියෝගයක්..! අප්‍රේල් 9 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔබ චීනයේ චුන්-කින්ග් වරායේ ටුටුලාප් නෞකාවේ ප්‍රධාන අණදෙන නිලධාරි ලෙස ස්ථානමාරු කොට ඇත. ගුවන්විදුලි පණිවිඩය ව්‍යාජ වුවද, එහි වූ නියෝගය ස්විනී වෙහසට පත් කළේය. මෙම නියෝගය වඩා වෙහෙසකර වූයේ මාරු නියෝගය චීනය වැනි තමා අප්‍රිය කරන රටකට යැම වෙනුවෙන්ය,
බෝට්ටුවක් සූදානම් කර ගත් ඔහු මැනිලා නගරය බලා ගියේය. ඔහු දිවා ආහාරය තෙක්ම පැමිණියේ නැත. සවස 2.00 පමණ වන විට පැමිණියේ දැඩි වෙහෙසකර මුහුණේන්ය.
සර්… වෙලා ගියේ?
මම ගියා ගෙදර විකුණන්න. බිරිඳයි දරුවොයි ඇමරිකාවට යවන්න ඕන. මම නව වැනිදාට වැඩ බාර ගන්නත් එපා යැ.
සර් – සර්
හරි හරි,.. තව දවස් තියෙනවා ඒක නොවෙයි සර්….. අද අප්‍රේල් 01 වැනිදා… මේක බොරුවක්…”
මොනවා… ඔව් සර්
බලනවා දැන් මම ගෙදර විකුණලා ඩොලර් 1,72,000 කට චෙක් එක ගත්තා. ඇමරිකාවට දරුවොයි, බිරිඳයි පිටත් කරන්න නාවික ටිකට් ගත්තා… නාවික හමුදා මූලස්ථානයට යවන්න මැනිලාවේ නාවික සේනාධිපතිට භාර දුන්න පණිවිඩය….?
සර්…. මම ඒ සේරම කරන්නම්.
තමුසේ හිතනවද? මේක සෙල්ලම් වැඩක් කියලා වටකෙරෙනවා සර්. අපි කළ වැරැද්දට යුද හමුදා අධිකරණයෙන් දඬුවම් ලබන්න තරම් දරුණුයි.
අණ දෙන නිලධාරියාගෙන් ලිපිනය ලබා ගත් ඔහු නිවස මිලදී ගත් පුද්ගලයා වෙත ගොස් සිද්ධිය නොවලහා කිවේය. ගෙවන ලද මුදල ලබා දෙන්නට එකඟ වුවද, ඔහු නිවස පවරා දෙන්නට කැමැති වූයේ නැත. එහෙත් අන්තිමේදී මහත් අසීරුවෙන් නිවස මිලදී ගත් පුද්ගලයා ඊට කැමැති කර ගත්තේය.
මේ අතර නාවික ටිකට් බාර දීමට යන විට වේලාව හවස 5.45 පමණ විය. ටිකට් දුන් විටම මුදල් දීමට නොහැකි බව නිලධාරියා දන්වා සිටියේය. මේ වන විට නාවික සේවා වෙළෙඳ කළමනාකරු හොංකොං බලා පසුදින උදයේ පිටත්වන හෙයින් මෙදින කෙසේ හෝ ටිකට් පත් බාරදී මුදල් ලබාගත යුතුවිය. දැනට ඔහු පෝලෝ සමාජ ශාලාවේය. මෙයට ඇතුළු වීමට නම් සන්ධ්‍යා ඇඳුමක් අවශ්‍ය විය. කළ යුතු දෙයක් නැත. මැනිලා බුලටින් පුවත්පතේ කතුවරිය විසින් ලබා දෙන ලද සිරුරට නිසි පරිදි නොගැලපෙන ඇඳුමෙන් සැරසී ඔහු නෘත්‍ය ශාලාවට ඇතුළු විය. සියලු විස්තරය ඔහු වෙත දන්වා නැවත මුදල් ලබාදෙන ලෙසට ලිතව ලිපියක් ලබා ගත්තේය.
අවසානයේදී නාවික සේනාධිපති වෙත ගියේ ස්ථානමාරු නියෝගය අහෝසිකර ගැනීමටය, එතැනට ගිය නාවික හමුදාවේ නිලධාරියා සිද්ධිය සඳහන් කළේය.
තමුසෙ දැන් යනවා. මම ස්විනිගෙ ඉල්ලීම අවලංගු කරන්නම්… හැබැයි එකක් මතක තියා ගන්නවා… මීට පස්සෙ විහිළුවලදී ඇස් රතුකර ගන්නෙ නැතුව ඉන්නවා… හොඳයි සර්… නිලධාරියා බයාදුවෙන් කීවේය.
ඔහු වහා ස්විනි වෙත ගියේය. සියල්ල නිරවුල් කර ගත් ලිපි බාර දුන්නේය. ස්විනි ඔහු අමතා…. හරි. දැන් සමුසෙගෙ අවසාන රාජකාරිය… මේ ලියුම් තුන තැපෑලට දානවා…. එහි වූ සටහන මෙසේය.
“අද අප්‍රේල් 01 වැනිදා මෙය මෝඩයාගේ දිනය විදිහට සලකා කරන ලද විහිළුව දුර දිග ගියා. එයින් ගැලවීමට ඔවුන් ගත් පසු ක්‍රියාමාර්ග වෙනුවෙන් සහය දක්වන ලද ඔබට ස්තූතියි. මගේ ජීවිතයටම මේ වගේ අප්‍රේල් විහිළුවක් ගැන කිසිම දිනක අසා නැත.” යනුවෙන් නාවික සේනාධිපති වරයාට, ඉඩම මිලට ගත් පුද්ගලයාට, නාවික ටිකට් පත් මිලට ගත් ආයතනයට එකම ආකාරයෙන් ලිපි යැවීමටද ස්විනි කටයුතු කර තිබුණා.
The post අප්‍රේල් පළවෙනිදා කල බොරුවක් දුර දිග ගිය හැටි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments