Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“අපි පිංගුත්තරයින් නෙමෙයි. තනි ආණ්ඩුවක් හදනවා නම් හදලා බලමු..! – සුසිල්ගෙන් වේගවත් කතාවක්

“රිලව් නටනකොට මිනිස්සු කලබල වෙන්නේ නෑ. අහිකුණ්ඨකයෝ පොල්ල වනන කොට නටන රිලව් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. තනි ආණ්ඩුවක් හදන්නවා නම් හදනවා නම් හදලා බලමු. අද කෝ ජනවරම.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව ලේකම්වරු දෙදෙනා ඉවත් නොකළානම් අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ නැති බව ජනපතිවරයාම පවසා තිබෙනවා” යැයි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළේය…

සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ කතාව අතරතුර එජාපයේ මැති ඇමතිවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවනුද දැකගන්නට ලැබිණ.

“අපි තනතුරු වලට කෑදර  නෑ. අපි පිං මන්ත්‍රීකම් අරගෙන නෑ. අපි එක් ලක්ෂ ගණනක් අරගෙන පාර්ලිමේන්තුවට ආවේ. අපි පිං මන්ත්‍රීලට උත්තර දෙන්නෙත් නෑ.

අර්ජුන ගෙනාවේ කවුද..? එයාට ඇප වුණේ කවුද? විත්තිකාරයා නැතිනම් ඇප කාරයට වරෙන්තු කරනවා.  මේ තියෙන්නේ ඇප කාරයට නිකුත් කළ වරෙන්තුව.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් නෙමෙයි පක්ෂය කියන්නේ., මම, ඩිලාන් ඇමැතිතුමාලා වගේ පරණ අය ගියාම ඔතනින් ගියාම ශ්‍රීලනිපයක් නෑ ඔතන.

අපි හොරකම් කළේ නෑ. මේ වැරදි හදා ගන්න අවස්ථාවක්. අපි පිං ඇමතිවරු නෙමෙයි. අපි වගකියන්නේ ජනතාවට. අපි පිංගුත්තරයින් නෙමෙයි. අපි ජනවරම රකින්න ඇදත් හෙටත් පෙනී සිටිනවාත අපිට ජිවත්වෙන්න ක්‍රමයක් තිබෙනවා. අපි අභියෝගකරනාව අපේ ගිණුම් බල්න්න. හැම එකක්ම ඕඩී. ලංකා බැංකුවෙන් ණයක් අරගෙන හදාගත්ත ගෙදර තවත් ඉන්නේ..

The post “අපි පිංගුත්තරයින් නෙමෙයි. තනි ආණ්ඩුවක් හදනවා නම් හදලා බලමු..! – සුසිල්ගෙන් වේගවත් කතාවක් appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();