Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශිෂ්ටතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට

 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ශ්‍රී ලංකාව සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනාවක් දිනා ගනිමින් මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මෘතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා සියලුදෙනා වෙත තම ස්තූතිය පිරිනැමීය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනාගත් ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් දිනාගත් ජේ.ඒ.සී. ලක්මාල් සහ බී.ඩී. හංසනී ගෝමස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ මුල්වරට ශ්‍රී ලංකා නාමය ඉදිරියේ කාන්තා බොක්සිං පදක්කමක් සටහන් කළ පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තා පොතට එක් වූ අනුෂා කොඩිතුවක්කු, මෙන්ම ලෝකඩ පදක්කම් දිනාගත් තිවංක රණසිංහ හා ඉෂාන් සෙනෙවිරත්න බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම මේ සඳහා දායක වූ පුහුණුකරුවන් ද ඇගයීමට ලක් කිරීම ද සිදු කෙරිණි.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.බී. පී. හේරත් යන මහත්වරුන් ද පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා සංගම් නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();