Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාපයේ ප්‍රධාන තනතුරු රැසක වෙනසක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා සාමාජිකයන් අද පස්වරුවේ නම් කෙරිණ.

ඒ අනුව පක්ෂයේ මහලේකම් ධුරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත් කෙරුනු අතර සභාපති ධුරයට පත්කර ඇත්තේ අමාත්‍ය කබීර් හෂිම්ය.

මේ අතර ජාතික සංවිධායක ධුරයට නවීන් දිසානායක පත්කර තිබේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙසට අමාත්‍ය සජිත් ප්‍රේමදාස පත්කර ඇති අතර උප නායක ධුරයට පත්කෙරුනේ රවි කරුණානායකයි.

භාණ්ඩාගාරික තනතුරුට හර්ෂ ද සිල්වා පත්කර කෙරුණ ද අනෙක් තනතුරු පිළිබඳ හෙට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.

තනතුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂයේ ප්‍රතිසංවිධාන සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රැස්විණ.

මෙහිදී ගනු ලබන අවසන් තීරණ හෙට උදෑසන සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();