Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිටරටින් දැව ගෙන්වීම වඩා ශක්තිමත් කළයුතුයි

වන සම්පත රැක ගනිමින් මෙරට වන ඝනත්වය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා මෙරටට අවශ්‍ය දැව පිටරටින් ගෙන්වීම වඩා ශක්තිමත් කළයුතු බව ජනාධිපතාවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ අද (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජ්‍ය දැව සංස්ථාවේ 50 වන සංවත්සර උත්සවය අමතමිනි.

රටට මුහුණදීමට සිදුව ඇති කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා 28 ක්ව පවතින මෙරට වන ඝනත්වය 32 දක්වා ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බවත් එහිදී රාජ්‍ය දැව සංස්ථාවේ දායකත්වය ඉතා වැදගත් බවත් කියා සිටියේය.

සංස්ථාව මගින් මහා භාණ්ඩාගාරයට ලබාදෙන මුදල් මෙන්ම පැළ සිටුවීම, පැල තවාන සහ වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් දැනට වඩා වැඩි ආයෝජනයක් සිදුකිරීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපතිවරයා එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සමීප සබ`දතාවයකින් කටයුතු කළයුතු බව ද සදහන් කළේය.

එමෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදන අංශයේ පවතින තරගකාරිත්වයට මුහුණදීම සදහා රාජ්‍ය දැව සංස්ථාව සිය ප්‍රමිතීන් සහ ගුණාත්මකභාවයන් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය දැව සංස්ථාවේ වසර 30 ක සේවා කාලය සපිරූ දැනට සේවය කරන සහ විශ්‍රාමික සේවක සේවිකාවන් ඇගයීමට ලක් කරමින් රන් තිළිණ පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

එමෙන්ම සේවක සේවිකාවන්ගේ, විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ලබාදීම සංකේතවත් කෙරුණේ ද ජනාධිපති අතිනි.

රාජ්‍ය දැව සංස්ථාවේ ,අඩ සිය වසක පිය සටහන්, සමරු ග්‍රන්ථය මෙහිදී ජනාධිපති වෙත පිළිගැන්වූ අතර, රාජ්‍ය දැව සංස්ථාවට වසර 50 ක් සපිරීම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක විසින් ජනාධිපතිවරයා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්වීය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();