Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කකුල් මාට්ටුකාරයන් නැතුව ආණ්ඩුව ඉදිරියට යනවා

මේ ආණ්ඩුව ආරම්භයේදී සිටි කකුල් මාට්ටු කාරයන් සියල්ල ඉවත් ව ගොස් ඇති බවත්, ඒ නිසා ජනතාවට පොරොන්දු වූ දේවල් ඉටු කිරීමට පිළිවෙඵකට වැඩක් කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවැසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවටකට එක්වෙමින්ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා මෙසේ ද පැවැසීය.

පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ජය ලබාගත්තා යැයි කියලා නිකං ආණ්ඩු බලය පිහිටුවා ගත්තා වාගේ සමරන්න උත්සාහ කරනවා. හැබැයි ගත්තේ 39% දශම ගානයි ඡන්ද. ඒ නිසා තමයි පොහොට්ටුව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඉල්ලගෙන කෑවේ. ඊට පස්සේ ඒ අයට දැන් අලුත්ම කතාව තමයි තව අවුරුදු 2කට වඩා තියෙන පාර්ලිමේන්තුව විසුරුවන එක. නමුත් පාර්ලිමේන්තුව විසුරුවන්න අවුරුදු දෙකහමාරක් තියනවා. 2020 අගෝස්තු මාසේ 17 වෙනිදා තමයි පාර්ලිමේන්තුවේ කාලය ඉවර වෙන්නේ.ඒ එක්කම මේ ආණ්ඩුවේ හිටපු යක්කු, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ, දැන් ඔක්කෝම ගිහිල්ලා තියෙන්නේ. ඒක හොඳයි ගිය එක දැන් අපිට ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා ජනවාරි මාසෙ 08 වෙනිදා ලබා ගත්තු වරම වෙනුවෙන් පොරොන්දු වෙච්ච දේ ඉෂ්ට කරන්න දැන්වත් වැඩ කරන්න පුළුවන් පිළිවෙළකට. ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි කලකිරීමට හේතුව තමයි අර කකුල් මාට්ටු කාරයෝ මෙහෙ ඉඳලා ඞීල් දාගෙන ඒ වැඩ ටික කරගන්න දුන්නේ නැති එක. ඒත් දැන් අපිට අතිගරු ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා වැඩ කටයුතු ටික කරන්න තව අවුරුදු එකහමාරක කාලයක් තියෙනවා.

ඒ එක්කම මේ පළාත් පාලන ඡන්දයක් දින්නා විතරයි මහා රාජා යළි රජ වෙලා . වයසින් වැඩි අය මහින්ද මහත්තයාටයි ශිරන්ති නෝනාටයි වඳීනවා. මොන සමාජයක ද මේ වගේ දේවල් තියෙන්නේ. වැඩිහිටියෝ වඳීන්නේ පන්සලේ හාමුදුරුවන්ට විතරයි වයස් භේදය බලන්නේ නැතුව. මේ අවුරුදු අසූවක් වෙන අය අවුරුදු 70ක් වෙන කට්ටියට වඳීන්නේ නෑනේ කොහේවත්. ඉතිං ඒ නිසා මේ එන්නේ අර පහුගිය පාලන කාලයේ හොල්මන් යුගය, ඒක ජනතාවට පේනවා යැයි ද පැවසීය.

Post a Comment

0 Comments