Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්මන්පිල හිනාවේවි බුදුදහම අමු අමුවේ පාර්ලිමේන්තුවේදි විකෘති කරපු හැටි..!

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබීය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මෙම විවාදයේදී ඔවුන්ගේ අදහස් පල කර සිටියා.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් ඔහුගේ කතාව අතරවාරයේදී බුදුදහමේ කියවෙන යමක වග්ගය විකෘති කරමින් කියා සිටියේ මේ අයුරින්ය.

යමක වග්ගය

මනෝ පුබ්බම්ගමා ධම්මා
මනෝ සෙට්ටා මනෝ මයා
මනසාචේ පදුට්ටේන
භාසතිවා කරෝතිවා

උදය ගම්මන්පිල විසින් එය පාර්ලිමේන්තුවේදී හිනා වෙමින් කියා සිටියේ මෙසේය,

මනී පුබ්බම්ගමා ධම්මා
මනී සෙට්ටා මනී මයා ( මනී)
මනසාචේ පදුට්ටේන
භාසතිවා කරෝතිවා

දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා බුදුදහම විකෘති කරමින් භාවිතා කිරීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුද එහිදී නැගී සිටිමින් විවේචනය කළේය.


The post ගම්මන්පිල හිනාවේවි බුදුදහම අමු අමුවේ පාර්ලිමේන්තුවේදි විකෘති කරපු හැටි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();