Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මධ්‍යම පළාත් ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා සැඳෑ සමයේ ක්‍රීඩා අසිරිය

 

සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ 10 වැනි විවෘත මළල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව සහ පිරිමි ශූරතාව දිනාගැනීමට ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම සමත්විය. එහි කාන්තා ශූරතාව සහ සමස්ත අනුශූරතාව මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමට හිමිවිය. තෙවැනි ස්ථානය කොළඹ දිස්ත්‍රික් පිල දිනාගත්තේය.

'ජයග්‍රහණයට වඩා සහභාගීත්වය උතුම්ය' තේමාව පෙරදැරි කරගෙන සියලු ජාතීන් නියෝජනය කරමින් ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා සංගමයේ වැඩිහිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරගාවලියට සහභාගිවීම කාගෙත් අවධානය දිනාගත්තේය. අවුරුදු 90 ඉක්මවා ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද තරගවලට සහභාගිවීම කැපී පෙනුණි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මේ ක්‍රීඩා උළෙලට මීටර් 200, 400, හෙල්ල විසි කිරීම, කවපෙත්ත විසි කිරීම, යගුලිය දැමීම, ඇවිදීමේ තරඟ, දුර පැනීමේ තරගත් ඇතුළත් විය.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දෙදිනක් පුරා පැවැති මේ ක්‍රීඩා උළෙලේ ෙආරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා සහභාගී වූ අතර මධ්‍යම පළාත් ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අශෝක මනම්පේරී මහතා, ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ඩබ්ලිව් සිරිල් පෙරේරා මහතා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟ ලේකම් අල්හාජ් එම්. අයි. එම්. හාසීම් මහතා ද සහභාගී වූහ.

තරඟ සමාප්ති උත්සවයේදී කුසලාන සහ සහතිකපත් ප්‍රදානය නාවලපිටිය වැඩබලන නාගරික කොමසාරිස් කේ. එම්. එස්. බංඩාර මහතා අතින් සිදු කෙරිනි.

සුනිල් ගුණවර්ධන කුණ්ඩසාලේ සමූහ
ඡායාරූප - කුණ්ඩසාලේ සමූහ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();