Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක සෞඛ්‍ය දින 70 වැනි සැමරුම් උත්සවය ජනපති-අගමැති ප්‍රධානත්වයෙන්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි ලෝක සෞඛ්‍ය දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (07) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මහත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

සැමට සෞඛ්‍ය- සැමදෙනාටම, සෑම තැකදීම විශ්වීය සෞඛ්‍ය ආවරණය යන තේමාව යටතේ මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ  ජනරාල්වරයා ඇතුළු එහි නියෝජිතයින් සහ රටවල් 12 ක සෞඛ්‍ය ඇමතිවරුන් ඇතුළු නියෝජිත පිරිසක් ඊට එක්ව සිටිති.

ජිනීවා හී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයෙන් බැහැර ස්ථානයක මෙම සැමරීම සිදු කරන පළමු අවස්ථාව මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් සෑම වසරකම අප්‍රේල් 07 වනදා ලෝක සෞඛ්‍ය දින සැමරුම උත්කර්ෂවත්ව පැවැත්වෙන අතර එය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීම රටට අන්තර්ජාතික වශයෙන් අත් කරදුන් මහත් කීර්තියක් ලෙස සැලකේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ වර්ෂ 1948 අප්‍රේල් මස ‍07 වැනිදාය. එම දිනය ලෝක සෞඛ්‍ය දිනය ලෙස සමරනු ලබන්නේ එබැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ලෝක ජනතාවගේ යහපත් සෞඛ්‍ය සහ නිරෝගීතාව ඉහළ නැංවීමයි. දශක ගණනාවක් පුරා ලෝක සෞඛ්‍ය සංවිධානය අනෙකුත් ලෝක කොටස්කරුවන් සහ ආධාර ලබාදෙන ආයතන සමගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීම සඳහා මාතෘ හා ළමා සෞඛ්‍ය, පෝෂණය සහ සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම ආදි විවිධ මංපෙත් යටතේ අනලස්ව සහයෝගය ලබාදෙමින් සිටියි.

විශ්ව සෞඛ්‍ය ආවරණය යනු සියලු ජනතාව සඳහා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය තැනට මූල්‍යමය කරදරයකින් තොරව ලැබෙන බව සහතිකවීමයි. මෙය ජනතාවට සෞඛ්‍ය සේවාව ලබාදීමේ දී තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයකි. ශ්‍රී ලංකාව ස්වකීය 70 වැනි නිදහස අභිමානයෙන් සමරන මේ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සංවත්සරය සහ 70 වැනි ලෝක සෞඛ්‍ය දිනය කොළඹ දී සැමරීමද අපරටට මහත් කීර්තියක් අත්වු අවස්ථාවකි.

උත්සවයට සමගාමීව විශේෂ සෞඛ්‍ය ග්‍රන්ථ තුනක් එළි දැක්වුන අතර ඒව ජනාධිපතිවරයා සහ ප්‍රධාන ආරාධිතයන් වෙත පළමුවෙන් පිළිගැන්වීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේදී සැමරීම සංකේතවත් කරමින් මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරුණු අතර තැපැල්පති රෝහණ අබේරත්න මහතා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ඊ-හෙල්ත් කාඩ් පත නිකුත් කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සංකේතවත් කෙරුණු අතර ජාතික සෞඛ්‍ය රූපවාහිනි නාලිකාව වන Life TV නාලිකාව දියත් කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අධානම් ගේබ්‍රෙයේසුස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනම් ක්‍රෙත්‍රපාල් සිං යන මහත්ම මහත්මීන් ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්, මැති ඇමැතිවරුන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීන්යන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();