Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සරත් කුමාර ගුණරත්න ඇතුළු 06ට අධිචෝදනා

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට අද අධිචෝදනා භාරදී තිබේ.

එ් කොළඹ මහාධිකරණයේදීය.

විත්තිකරුවන්ට විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ රුපියල් 25,000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළේ ය.

ඒ, මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කළ රුපියල් මිලියන 11 කට අධික මුදලක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ ය.

2014 වසරේ දෙසැම්බර් 30 වන දා මීගමුව නගර සභාවේ පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන රැස්වීමක උත්සව කටයුතු සඳහා මෙම මුදල් වැයකර අැති බවට චෝදනා එල්ල වී අැත.

නඩුව ලබන ජුනි 04 වන දා යළි කැඳවීමට නියමිතයි.

නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති පියල් අබේසේකර, ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ, චන්දන පැල්පිට, උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ සහ ලක්මින මුනිදාස යන විත්තිකරුවන් 06 දෙනාට එරෙහිවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();