ගංගා මැණියෝ ගැන පසුගිය කාලේ විවිධ පුවත් හුවමාරුවුණා.
විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායට ජයග්‍රහණයක් අත්කරදීමක් සම්බන්ධයෙන් තමයි ගංගා මෑණියෝ ප්රසිද්ධවුණේ.
ඊට පස්සේ රටේ ප්‍රභූ පුද්ගලයන් වගේම ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම ගංගා මෑණියන්ගේ පිහිට ලබාගන්න ගිහින් තියෙන ඡායාරූප කිහිපයකුත් හුවමාරු වෙන්න පටන්ගත්තා.
කොහොම වුණත් මේ කියන්න යන්නේ විවාහ ප්‍රමාදවීම ගැන ගංගා මෑණියෝ සතිඅන්ත පුවත්පතක් සමග යෙදුනු පිළිසදරක් ගැනයි.
විවාහය මේ ලෝකයේ කවුරුත් පාහේ කතාබහා කිරීමට කැමතිම මාතෘකාවක් වශයෙන් හැඳින්වීම වරදක් නොමැත.
මෙහි යහපත් ගුණාංගයන් හෝ වේවා යම් අයහපත් පැතිකඩක් හෝ වේවා මිනිසුන් බහුතරයක් මේ විවාහය කියන අකුරු හතර ගැන විග්රහයන් සිදුකිරීම ප්‍රමාද නොකරයි.
එක් අවස්ථාවකදී දාර්ශනිකයෙක් ප්‍රකාශ කරනවා.-විවාහයක් නම් මිනිස් ජීවිතයට කොහොමත් අවශ්‍යයි.
නමුත් අදවන විට අපට දකින්නට ලැබෙන්නේ මේ විවාහය සම්බන්ධයෙන් බොහෝ ගැටලු ජනතාවට ඇතිවී ඇති බවයි. එසේනම් මේ විවාහයට බලපාන විශ්වීය එසේත් නොමැතිනම් අපගේ දෙනෙතට ගෝචර නොවන සාධක කුමන අන්දමින්ද විග්රවහන්නේ ද කියා දැන ගැනීමට අපි පෙළඹුණෙමු.
මේ පිළිබඳව ධර්මාචාරී ශාස්ත්රාචාරිනී විශ්වදුහිතෘ ගංගා සුදර්ශනී මෑණියන්ගෙන් පිළිතුරු වූයේ මෙසේය.
ගංගා සුදර්ශනී මහත්මිය මේ විවාහය කියන කරුණ ගැන ඔබ කුමනාකාරයෙන්ද දකින්නේ?
සංකීර්ණ ප්‍රශ්නයක් නමුත් බොහෝම වටින මාතෘකාවක්. ඇත්තටම ඔබ ප්‍රථමයෙන් කිව්වා වගේ අද වන විට විවාහය ගැටලුවක් කරගත්ත වාර අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ දූ දරුවන්ට විවාහ ප්‍රමාද වීම තමයි වත්මන් දෙමවුපියන් මුහුණ දෙන විශාල ගැටලුව වෙලා තියෙන්නේ.
ඇයි එහෙම විවාහ ප්‍රමාද වෙන්නේ?
කෙටියෙන් පිළිතුරක් දෙනවානම් සුදුස්සා සුදුසු වෙලාවේදී මුණ නොගැසීම කියලා කියන්න පුළුවන්.
සමහර අවස්ථාවන් වලදී වැඩිහිටියන් කියනවා අහලා ඇතිනේ ඕක ඉතින් වෙලාව තමයි. ඉරණම්කාරයා වෙලාවට එයි ආදී පැවසුම් අපි කොතෙකුත් අසා තිබෙනවාද? නමුත් එහි සත්‍යක් ගැබ් වෙලා තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.
ඒ මොන වගේ දෙයක් ද?
මම මීට උදාහරණයක් කියන්නම් මේ කථාවේ වසර ගණන මෙහෙමයි කියලා කියන්න බෑ.
දීපංකර සම්බුදු පියාණන් වැඩවසන සමයකදී සිදුවූ සිදුවීමක්. සුනන්ද කියන බොහෝම යහපත් සිටුවරයාට සිටිය එකම දියණිය වන්නේ සුනන්දා සිටු දියණියයි. ඇය බොහෝමත්ම සුන්දර වූ තැන්පත් වූ යුවතියක්. ඇයගේ කලවයස නිසි පරිදි පැමිණෙමින් තිබුණේ.
දිනෙක දීපංකර බුදුන් නිදහස් සුවයෙන් නුග වෘක්ෂයක් අසල වැඩ හි`දින උදෑසන හෝරාවකදී සුනන්දා සිටු දියණිය ඉතාමත් සැදැහැ සිතින් පිළියෙල කරගත් කිරිපි`ඩු බඳුනක් ද රැගෙන බුදුසමි`දු අභියසට ගොස් අධිෂ්ඨාන සිතුවිල්ලක් පැතුවා. ඒ තමයි තමන්ට ගැලපෙනම යහපත් ස්වාමිපුරුෂයකු තමන්ට ඒ ආත්මභාවයේ පටන් සසරේ අවසන් වන තුරුම ලැබෙන්නට කියලා. එය බොහෝම ප්‍රබල සිතුවිල්ලක්. බුදු කෙනෙකුන් අභියස සිදුකරනු ලැබූ. ඒ මොහොතෙදී එම යහපත් සිතුවිල්ල දීපංකර බුදු පියාණන් වෙත මනාව වැටහුණා.
එවිට උන්වහන්සේ පැවසුවේ දියණිය නිත්‍ය වශයෙන්ම ඔබේ ප්‍රාර්ථනාව කුමන බාධක පැමිණියත් ඉටුවනවා යන්නයි. බුදු කෙනෙකුගේ මුවින් පිට වන වදනක් මේ විශ්වයට කුමන අන්දමින් ද ගමන් කරන්නේ කියලා අප හො`දින්ම දන්නවා. එය ඉතාමත් ප්‍රබල ආශිර්වාදයක් වනවා.
ඉන්පසුව මොකද්ද සිදුවූණේ?
තවත් කරුණක් දීපංකර බුදුහිමියන් පැවසුම් කළා. ඔබ කිරිපි`ඩු මවෙත පූජා කිරිමට මොහොතකට මත්තෙන් තවත් පුරුෂයෙකු මා සම`ග පිළිසඳරේ යෙදී මේ ස්ථානයෙන් නික්මුණා. ඔහුගේ ප්‍රාර්ථනාව වූයේ දියණියගේම පැතුමයි. වශයෙන් බුදුහිමි දේශනා කළා. ඒ තමයි එවකට ධනවත්ම සිටුවරයා ඔහු නමින් කුවේර. ඉතාමත් ප්‍රතිපත්ති ගරුක දැහැමි ලෙස මුදල් උපයමින් දිවිගෙවූ සිටුවරයෙක්. අවසානයේදී ඔවුන් දෙදෙනාගේම ප්‍රාර්ථනාවන් පරිදි කුවේරයන්ටත් සුනන්දාවන්ටත් විවාහයට පත්වීමට හැකියාව ලැබුණා.ඔවුන් ඉතාමත් ප්‍රීතිමත් දැහැමි යුගදිවියක් ගතකළා මරණයට පත්වන තුරුම.
මේ සිදුවීම් මාලාව කුමන ධර්ම කෘතියක සඳහන් වන්නේද?
පුරාණ ග්‍රන්ථයක තිබෙනවාද කියා මම ඇත්තටම දන්නේ නැහැ. නමුත් මේ කියපු කථාව මා මනිසින් දුටු දෙයක්. එය භාර ගැනීම තම තම ණැන පමණින් සිදුකළ යුතු දෙයක්. මම කවදාවත් දකින දෙයක් කියන්න බිය වන චරිතයක් නෙමෙයි. ඒ පුවතින් යමෙකුට යහපත් කරුණක් දිවියට ඇඳා ගැනීමට හැකියාව තියෙන බව මම විශ්වාස කරනවා.ඒ තමයි විවාහයකදී තමන් සිදුකරන ප්‍රාර්ථනාව එය සිදු කරන හෝරාව එය විශ්වයට යන අන්දම.මේ දේවල් සමහරුන් අවිශ්වාසය අවිඥ්ඥාවෙන් බැහැර කළ හැකියි.
කෙනෙකුට හිතෙන්න බැරිද එහෙම දේවල් මේ ලෝකයේ සිද්ධ වෙන්න බැහැ කියලා?
අපි එක කරුණක් හොඳට මතක තබා ගත යුතුයි. බෝසත් අවදි පසු කරමින් බුද්ධත්වය ලැබූ උතුමන් ඔවුන්ගේ ප්‍රාර්ථනාව එනම් උතුම් වූ අවබෝධය හෙවත් බුද්ධත්වය වදනින් සිතින් පාරමී ධර්මයන් මතින් තවත් අප නොදන්නා අන්දමින් පෙරුදම් කල්ප ලක්ෂ ගණන් පිරූවා.
එහිදී මූලික වන්නේ තමන්ගේ ප්‍රාර්ථනාවේ පාරිශුද්ධියයි.එසේනම් යහපත් අන්දමින් තමන්ට තමන්ගේ විවාහය පිළිබඳව මේ විශ්වයට යහපත් සිතුවිල්ලක් මුදා හැරීම අබුද්ධිමත් ක්‍රියාවක් වන්නේ කොහෝමද කියලා අපිට තර්ක කරන්නත් පුළුවන්.
විවාහයක් සඵල වන්නට ප්‍රාර්ථනාව පමණක් ඇතිද?
මෙහෙමයි විවාහය කියන කරුණේදී සඵල වීමයි ප්‍රමාදයයි කියන දේ එකම කාසියේ දෙපැත්ත වගේ. කොච්චර පැතුවත් සමහර අවස්ථාවන්හි විවාහය ප්‍රමාද වෙන්නැද්ද? අනිවාර්යයෙන්ම වෙනවා. අපගේ පෙර අකුසල කර්මයන් විවාහ ප්‍රමාදයට සෘජුවම බලපානවා. ප්‍රේත වස්තු ප්‍රකරණය තුළදී බුද්ධභාෂිතය අනුව විවාහක කාන්තාවක් සිදුකරන යම් අවැඩ නිසා ඔවුන් මරණයෙන් පසු කෙතරම් දුක්ගැහැට වලට මුහුණ දෙනවාද යන්න විග්රහ වනවා. එහිදී අප අවබෝධ කරගත යුතුයි. යම් ආත්මභාවයකදී අප සිදුකරන අකටයුතු කම් විශේෂයෙන්ම විවාහ දිවියේදී එවන් දේ මතු උපදින භවයන්හිත් බලපානවා. එසේනම් යම් දියණියකට පුත්‍රයෙකුට විවාහයන් සාර්ථක නොවන්නේ නම් එය ප්‍රමාද වන්නේනම් අනිවාර්යෙන්ම හේතුවක් තිබෙනව. ඉන් අපට මිදීමට නොහැක. නමුත් යම් ගැටලු සමනයකට පත්කර ගැනීමට හැකියාව ඇත.
තවත් මොනවගේ ගැටලුද විවාහ දිවිය අවුල් වීමට හෝ ප්‍රමාද වීමට බලපාන්නේ?
දියණියක් හෝ කාන්තාවක් ගත් විට කිළි නැකතෙහි දෝෂ හෙවත් මල්වර වීමෙදී ඇතිවන යම් දෝෂයන් ද විවාහයට බලපානවා. නිවසින් පිට මල්වර වීමේදී එම දිනයන් සම්බන්ධයෙන්ද ගැටලු පවතිනවා.
නිවසෙහි දෝෂයන් බලපාන අවස්ථා මගේ ජීවිතයෙහි මා දැක තිබෙනවා. මුල් ගල නිවසකට තබන විට එහි බලපෑම් විපත් ප්රාතිහාර්යය හෙවත් පිරිහීම් ආදී වශයෙන් තවෙකුට බලපානවා. එම නැකත ගෙහිමියාට සාධක හෝ යහපත් අන්දමින් බලපෑවද තවත් කෙනෙකුට අයහපත් අන්දමේන් බලපැවැත්වීමේ හැකියාව තිබෙනවා. කිසිවකුත් විවාහයට පත්නොවී එම නිවසේම දිවි ගෙවීම පවා සිදුවීමට ඉඩකඩ තිබෙන නිවෙස් මා දැක තිබෙනවා.
එහෙම තියෙන ගැටලු ගංගා මෑණියන් ට විස`දීමේ හැකියාව තිබෙනවද?
ඔව් ඇත්තටම මට හඳහන් අවශ්‍ය නැහැ ගැහැණු දරුවෙකු දැක්කම ඇයගේ දේහ ලක්ෂණ අනුව මට පැවසීමේ හැකියාව තිබෙනවා. ගැටලුව මොකද්ද කියලා. ඊට විස`දුම් පවා ප්‍රකාශ කිරීමට පුළුවන්. යම් කෙනෙකුගේ අකුසල කර්මයක් තිබෙනවා නම් මා මනසින් දකින ඇතැම් කරුනු ඉතාමත් පැහැදිලිව පවසනවා.
පිරිමි පාර්ශවයටත් විවාහ ගැටලු තිබෙනවා ඊට බලපාන්නේ මොනවගේ කරුණුද.?
මා මේ සාකච්ඡාව අරම්භයේ සිට පැවසු දේවල් බොහෝමයක් දෙපාර්ශවයටම බලපානවා. ස්ත්‍රියකට සේ මල්වර කිල්ලක් නොමැතිවුවත්. පුරුෂයාද භවයෙන් භවය රැගෙන එන අකුසල කර්මයන් සිය විවාහ දිවියට බලපානවා. විශේෂයෙන් ම ස්ත්රීන්ට අපහස කිරීම තවත් පුරුෂයෙකුගේ බිරිඳක් සම්බන්ධයෙන් ඔහුට සැක හිතෙන අන්දමේ ප්‍රකාශයන් සිදුකරමින් යහපත් දිවියක් අවුල් කරන්නට මුලපිරීම් නිසා එසේ ගැටලු නිර්මාණය කරන තැනැත්තාට යහපත් යුගදිවියක් ගතකිරීමට හැකියාව විශ්වය විසින් ස්වකීය කර්මය මූලික කරගෙන අහුරන අවස්ථා තිබෙනවා. පෙර ආත්ම භාවයක සිදුකළත් මේ ආත්ම භාවයේදී එහි කර්ම විපාකයන් වි`දින්නාවූ පිරිස මා මුණගැසී තිබෙනවා. මා දැක ඔවුනට විග්රහ කරපු අවස්ථා මගේ ජීවිතයෙහි සුලභයි.
මේ කරුණු මේ සාකච්ඡාව සිදුකරන ඔබටත් මටත් ඇතුළු අප හැම දෙනාටම අඩු වැඩි වශයෙන් බලපවත්වනවා. එවිට අප කළ යුත්තේ විවාහයට අයහපත් අන්දමේ බලපෑම් සිදුකරන වැරදි සහගත දේ අවබෝධයෙන් යුතුව මගහැරීමයි ඉන් මිදීමයි. රියක රෝදයන් එක හා සමාන නොවුණම මොකද්ද සිදුවෙන්නේ.අපිට අපේ ගමනාන්තය දක්වා නිසියාකාරව ගමන් කරන්න හැකියාවක් නැති වෙනවා. අඩියක්වත් ඉස්සරහට තියන්න බැහැ. අප ඒ දේ නිසියාකාරව අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යයි. මා සමීපයට පැමිණෙන ගැටලු වලින් ප්‍රධානතම කාරණාවක් තමයි මේ විවාහ ප්‍රමාද වීම් මෙන්ම බිඳ වැටීම්. ඉතින් මා ඉහතින් පැවසූ කරුණු අනුගමනය කිරීමට හැකිනම් තමන්ගේ ජීවිත පිළිබඳව නැවුම් ව සිතාබලා කටයුතු කරන්න ආශිර්වාදයක් දිවියට එකතු කරගන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා.
from Gossip Lanka News & Video https://ift.tt/2GpS5tg
via internet
0 Comments