Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරු කොරියාවට සාමය අවශ්‍යයි

උතුරු කොරියාවට සාමය අවශ්‍ය බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ලෝකයට සාමය උදා කිරීම සදහා අමෙරිකා සහ උතුරු කොරියා සාකච්ඡා වඩාත් හිතකර වන බව ඔහු පෙන්වා දී ඇත.

ඊයේ (11) අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ දේශපාලන රැළියක් අමතමින් ජනාධිපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යෝජිත සාකච්ඡා අතරතුර උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදාබැලීම් අත්හිටුවන බවට තමාට පොරොන්දු වී ඇති බව අමෙරිකා ජනාධිපතිවරයා සදහන් කළේය. සාමය උදා කිරීම සදහා මෙය හොදම කාලය බවද ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.

ඔහු උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමග හමුවක් සදහා කැමැත්ත පළ කර ඇත. එහෙත් ඒ සදහා මෙතෙක් නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත් කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Post a Comment

0 Comments