Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෙදරින් එලවපු පුංචි දරුවාට පොලිසියේ පිහිට

දෙමාපියන්ට එපා වූ  අවුරුදු 12 ක්  15ත් අතර වයසක පසුවන කුඩා පිරිමි දරුවෙකු දින තුනක් දඹුල්ල බස් නැවතුම්පොලේ සිටියදී දඹුල්ල පොලිසිය සොයාගෙන රැකවරණය ලබා දුන් පුවතක් වාර්තා වේ.
 
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්නට ලැබුණු පෞද්ගලික දුරකථන ඇමතුමකට අනුව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් නගරයට ගොස් එම ස්ථානයේ සිටි දරුවා පොලීසිය වෙත රැගෙන විත් තිබේ.
 
එහි තවත් විශේෂත්වයක් වන්නේ, දඹුල්ල බස් නැවතුම්පොළ පිටුපස සිටි තරුණයන් පිරිසක් මෙම දරුවා ආරක්ෂා කරගෙන ආහාර පාන එදින ලබාදී පොලිසිය පැමිණෙන තුරු රැක බලාගෙන සිටීමයි.
 
මෙම දරුවාගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, පාසල් නොයවා සිටි මෙම දරුවා අවස්ථා කිහිපයකදීම ළමා නිවාසවලට සහ පන්සල් වලට දෙමව්පියන් විසින් රැගෙන ගොස් දමා තිබුණු බවය. 
 
එමෙන්ම දරුවා කියා සිටියේ තම පියා මවට සහ තමන්ට පහර දී නිවසින් පන්නා දමන බවය. 
 
අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී සිටින පියා ගෙන් බේරීම සඳහා තමන් නිවසෙන් පිටව ගිය බව ද සඳහන් කර ඇත.
 
දරුවාගේ එකම ඉල්ලීම බවට පත්වූයේ පන්සලකට හෝ ළමා නිවාසෙකට ගොස් ජීවත්වීමට කැමැත්තක් ඇති බව සඳහන් කළේය . 
 
මෙම දරුවන්ගේ දෙමව්පියන් පොලීසියට කැඳවා වුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කොට අධිකරණයට කරුණු වාර්තා කොට මෙම දරුවාගේ ආරක්ෂාව පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();