Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවසන් මහා තරගයේදී චන්දිමාල්ගෙන් සටන්කාමී ඉනිමක්

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ එස්.එස්.සී කණ්ඩායම හා එන්.සී.සී කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී කණ්ඩායම පන්දුවාර 48.2ක් තුළ සියල්ල දැවී ලකුනු 236ක් ලබා ගැනීමට සමත්විය

අවසන් පූර්ව තරගයේ විශිෂ්ට  පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරුවන් යුගලයට අද දිනයේ දස්කම් දැක්වීමට SSC පන්දු යවන්නෝ ඉඩ නොතැබූ අතර උපුල් තරංග ලකුණු 4කටත් දික්වැල්ල ලකුණු 33කටත් දවා ගැනීමට ධම්ම්ක ප‍්‍රසාද් හා තිසර පෙරේා සමත්විය.

තරංග දැවී යාමෙන් පසු පිටියට පිවිසි ශ‍්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් හුදකලා සටනක් දියත් කරමින් විශිෂ්ට ශතයක්(103) ලබාගැනීමට සමත්විය.

ලකුණු 171ක් තුළ කඩුලු 08ක් බිද වැටී අසරණ වී සිටි එන්.සී.සී කන්ඩායමට තරගයක් දිය හැකි ලකුණු ප‍්‍රමණයක් හිමිකරදුන් චන්දිමාල් සචින්ත පීරිස්(15*) සමග එක්ව 09 වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 46ක් එක් කිරීමට සමත්විය.

පන්දු 123ක් තුළ ගොඩනැගුණු චන්දිමාල්ගේ ඉනිම හයේ පහර 03කින් හා හතරේ පහර 05කින් අලංකාර විය.

පන්දු යැවිමේදී SSC කණ්ඩායම වෙනුවෙන් ධම්මික ප‍්‍රසාද් ලකුනු 42කට කඩුලු 03ක්ද ,ජෙෆ්රි වැන්ඩර්සේ ලකුනු 34කට කඩුලු 02ක් හා තිසර පෙරේරා කඩුලු 02ක් දවා ගැනීමට සමත්විය.



from Gossip Lanka News & Video https://ift.tt/2pETB09
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();