ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අනිද්දා ආරම්භවීමට නියමිතයි.තුන්කොන් තරගාවලිය සහ ටෙස්ට් තරගාවලිය ජය ගත ශ්‍රී ලංකා කණ්ඩායම යහපත් මානසික මට්ටමක සිටින බව වාර්තා වනවා.
විස්සයි විස්ස තරග 2ක ද ජය ගැනීම ශ්‍රී ලංකාවේ මිලග අභියෝගය වන අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සදහා දැඩි පුහුණුවිමක නිරත වනවා.වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවෙන් නැති වී ගිය අභිමානයක් වන විස්සයි විස්ස වැඩිම ලකුණු සංඛ්‍යාව නැවත තරගයකදී ලබා ගැනීමද ශ්‍රී ලංකාවේ එක් අරමුණක් වී තිබෙනවා.
මේ සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් කිරීම චන්දික හතුරුසිංහ විසින් දැඩි විනයකින් හා පාලනයකින් යුතුව සිදු කරන අතර වෙනදාට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ද පුහුණුවීම් සදහා සහභාගී වන අකාරය දක්නට ලැබෙන අතර ඇතැම් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කරන විලාසය වෙනස් කිරීමටද නව පුහුණුකරු විසින් පියවර ගෙන තිබෙනවා.
වසර 10 ක් පමණ ශ්‍රී ලංකාවට හිමිව තිබු විස්සයි විස්ස අභිමානයක්ව තිබු කණ්ඩායමක් විසින් ඉනිමකදී රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව නැවත ශ්‍රී ලංකාවට ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුවිශේෂී අරමුණකි.
from Gossip Lanka News & Video http://ift.tt/2EpeWF7
via internet

0 Comments